තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ...
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ නියම කරගත් පරිදි 22-23-24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවකි.
කල් ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
කොමිසමේ කිසිවකුත් තැපැල් ඡන්දය කල් දමා ඇති බවක් ප්‍රකාශ කොට නොමැති බවද ඒ මහතා කීය.
No comments