Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ තියෙන හෝටල් සහ ආපනශාලාවලින් 18% ක් මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ..

මෙරට ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහ...

මෙරට ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ එම අසතුටුදායක තත්ත්වයේ ඇති ආපනශාලා සහ හෝටල් 18%  සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

"ලංකාවේ දැනට තියෙන හෝටල් සහ ආපනශාලාවලින් 18% අසතුටුදාක තත්ත්වයේ තියෙන්නේ. විශේෂයෙන් මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරමින් තියෙන්නේ. ඒ වගේම 27%ක් සාමාන්‍ය තත්ත්වයේත්, 55%ක් ඉතා හොඳ තත්ත්වයේත් තියෙනවා. ලංකාවේ හෝටල් සහ ආපනශාලා 2022 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාර පරිභෝජන කරන වර්ගී කරන ආයතන ආකෘති පත්‍රයේ අනුව කරන සමීක්ෂණ දත්තවලට අනුව තමයි මේ දත්ත ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් ඒ දත්තවලට අනුව A කාණ්ඩයේ පරිහරණ හෝලටල් සහ ආපනශාලා 55%කුත්,  B කාණ්ඩයේ පරිහරණ හෝලටල් සහ ආපනශාලා 27%කුත්,   C කාණ්ඩයේ අසතුටුදායක තත්ත්වයේ ඒවා 18%කුත් තමයි තියෙන්නේ. මේ මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන 18% වුණ හෝටල් සහ ආපනශාලා සංවර්ධනය කිරීම සඳහා සහ ඔවුන් B කාණ්ඩයටවත් අවම වශයෙන් ගෙන ඒම සඳහා අවම වශයෙන් ගෙනඒම සඳහා අවශ්‍ය නිවේදන නිකුත්කිරීම නියාමනය කිරීම. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කටයුතුවල නිරත වෙලා ඉන්නවා."

No comments

Ads Place