Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

138ක් ඉන්න ඕන තැන ඉන්නේ 81යි! තවත් 5ක් රට දාලා ගියොත් ගුවන් ගමන් දැඩි අවදානමක!

   ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ප...

 


 ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට නිලධාරීන් 138 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නිලධාරීන් 81 දෙනෙකු පමණක් බවය.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ තවත් නිලධාරීන් 4ක් හෝ 5ක් සේවයෙන් ඉවත්වුවහොත් මෙරට ගුවන් ගමන් කටයුතු දැඩි අවදානමක් ලක්වීමට ඉඩ ඇති බවය.

ඒ අනුව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගණපූර්ණයක් නොමැතිවුවහොත් ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සංගමය විසින් අපට අයත් ගුවන් කලාපය යාබද වෙනත් රටකට පවරාදීමේ බරපතළ අවදානමක් ද පවතින බවය.

එසේ වුවහොත් ශ්‍රී ලංකාව වෙත බරපතළ විදේශ විනිමය ආදායමක් ද අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බවත් එම සංගමය පැවසීය.

No comments

Ads Place