Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙන්නම් කාසිවලට ඉන්දුනීසියාවෙන් ගල්අඟුරු නැව් 12ක්

  ගල්අඟුරු නැව් 12ක් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම්ගත වී ඇති අතර, ගල්අඟුරු ලබාගෙන දින 200කට පසු මුදල්...

 


ගල්අඟුරු නැව් 12ක් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම්ගත වී ඇති අතර, ගල්අඟුරු ලබාගෙන දින 200කට පසු මුදල් ගෙවීමේ එකඟතාව මත මෙම ගල්අඟුරු තොගය ගෙන්වීමට පියවර ගෙන තිබේ.

ටෙන්ඩර් කැඳවීමට ඉදිරිපත් වූ ඉන්දුනීසියානු සමාගමෙන් ගල්අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය දා ණයවර ලිපි නිකුත් කිරීමට ද කටයුතු කර ඇත.

ඉන්දුනීසියානු සමාගමෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් හත්ලක්‍ෂ විසිදහසක් ලබාගැනීමට නියමිත බවත්, ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240කට මිලදී ගැනීමට නියමිත බවත් අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය. ගිවිසුමට අනුව ගල්අඟුරු පළමු නැව පෙබරවාරි 16 වැනිදා වනවිට පැමිණීමට නියමිතය.

No comments

Ads Place