Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පකිස්ථාන මුස්ලිම් පල්ලියේ පිපිරීමේ මරණ100 ඉක්මවයි

  වයඹදිග පකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියක් තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව අඟහරුවාදා අවම වශයෙන් 100ක් ඉක්මව...

 



වයඹදිග පකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියක් තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව අඟහරුවාදා අවම වශයෙන් 100ක් ඉක්මවා ගොස් තිබේ.

එය වසර ගණනාවකට පසු රටේ සිදුවූ මාරාන්තික ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැලකෙයි.

නගරයේ ලේඩි රීඩින් රෝහලේ ප්‍රකාශක මුහම්මද් අසීම් ඛාන් පැවසුවේ සඳුදා පොලිස් පරිශ්‍රයේ ඇති මුස්ලිම් පල්ලියේ පිපිරීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයන් 100දෙනෙකු මිය ගිය බවය.

පිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.

නසරුල්ලා පැවසුවේ පිපිරුමෙන් ඔහුගේ පාදය කැඩී ගිය බවත්, ඔහු පැය තුනක් සුන්බුන් අතර සිරවී සිටි බවත්ය.

No comments

Ads Place