Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ණය නොලැබුනේ IMF කොන්දේසි ඉටු කරන්න අමාරුයි නිසා.. විදුලි, ඉන්ධන මිල බදු වැඩි කරන්න කියනවා..

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට ලබා මෙරට මුදල් ලබාදීම ප්‍රමාද වන්නේ එම අරමුදල ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු කිරීම සම්බන්ධයෙන් පවතින කා...

 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට ලබා මෙරට මුදල් ලබාදීම ප්‍රමාද වන්නේ එම අරමුදල ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු කිරීම සම්බන්ධයෙන් පවතින කාරී තත්වය මත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසුවේය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් රජය විසින් ඉටු කළ යුතු කොන්දේසි රැසක් තිබෙනවා. රාජ්‍ය සේවය අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය ආරක්ෂක අංශ සංයුතිය අඩු කිරීම, සියලු රාජ්‍ය වියදම් හා අයවැය පරතරය බදු මුදල් මගින් පියවා ගැනීම හා තව ත් කොන්දේසි එතන තියෙනවා. ඒ නිසා තමයි බදු වැඩි කරන්න වෙන්නේ, විදුලි බිල වැඩි කරන්න වෙන්නේ, ඉන්ධන මිල සංශෝධනය කරන්න වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම කොන්දේසිවලට රජයක් වශයෙන් අපිට එකඟ වෙන්න බෑ. ආරක්ෂක අංශ අඩු කිරීම අපිට කරන්න බෑ. මේක 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්, අයි.එස්.එස්. ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දුන් රටක් කොහොම ද ආරක්ෂක අංශ අඩු කරන්නේ. මේ අය කියන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන්න බෑ. අපිට දැනට ත් උදාහරණ තියෙනවා ඇතැම් ආයතන භාගෙට පෞද්ගලීකරණය කරලා ඒ අය හැසිරෙන විධිය පිළිබඳව.

මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමින් තමයි තියෙන්නේ. ඒ නිසයි මේ මුදල් ලැබීම තවම ත් ප්‍රමාද වෙන්නේ. සාකච්ඡා සාර්ථක වූව ත් මේ මුදල් කොටස් වශයෙන් තමයි ලැබෙන්නේ’

No comments

Ads Place