Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට..

  පුරාවස්තු හොරු රකින්නට කටයුතු කළ ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා විනයානුකූල පියවර ගන්නැයි පොලිස්පති නියෝග කරයි... කුණ්ඩසාලයේ උඩ මළුව පුරාව...

 


පුරාවස්තු හොරු රකින්නට කටයුතු කළ ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා විනයානුකූල පියවර ගන්නැයි පොලිස්පති නියෝග කරයි...

කුණ්ඩසාලයේ උඩ මළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ “සඳගල“ ඓතිහාසික පුරා ස්මාරකය ගලවාගෙන ගොස් ඇති ප්‍රධාන සැකකරුවන් තිදෙනාම හඳුනාගෙන තිබියදීත් ඔවුන්ට වාසිදායක ලෙසින් ක්‍රියා කරන පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන්ද විමර්ශනය කර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නියෝග කර ඇති පොලිස්පතිවරයා අදාළ විමර්ශන මහනුවර පොලිසියෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තකුව වෙත භාර දීමට පියවර ගෙන ඇත.

සඳගල ගෙනියන හොරු… ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය…

මේ වනවිට මීට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා කවුදැයි හදුනාගෙන සිටින පසුබිමක ඔවුන් අත්අඩංගුවට නොගෙන විමර්ශන වෙන අතකට යොමු කරන නිලධාරීන් කණ්ඩායමක් මහනුවර සහ පල්ලෙකැලේ පොලිසිවල සිටින බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ  සංස්කෘතික අමාත්‍යාංශය ද මේ පිළිබඳව තොරතුරු පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බව පුරා විද්‍යා ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පැමිණ අදාළ විමර්ශන සිදු කිරීමට නියමිතය.

ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා වසර 32 ක් රජකළ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට සැලකෙන මෙම ස්ථානයේ තිබූ මෙම පුරාවිදද්‍යාස්මාරකය පසුගිය (14) දා අළුයම ගලවාගෙන ගොස් ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවන් තිදෙනෙකුගේ මැදිහත්වීමෙන් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මෙම අපරාධය සඳහා ඩිෆෙන්ඩර් ජීප් රථයක් සමඟ බූම් ට්‍රක් රථයක් පැමිණෙන ආකාරය සීසීටීවීකැමරා කිහිපයක සටහන් වී ඇති අතර එම ඩිෆෙන්ඩර් රථය හිමිකරු මහනුවර ප්‍රබල දේශපාලන බලවතකු සමීපයේ සිටින පුද්ගලයකුගේ  බවත් එම රථය ලියාපදිංචි කර ඇත්තේ ඔහුගේ දියණියගේ නමට බවත් හෙලි කරගෙන තිබේ.

මේ අපරාධය පසුපස සිටින අනෙක් පුද්ගලයා කලක් පලතුරු ව්‍යාපාරයක යෙදී සිටි අයෙක් බව බුද්ධි තොරතුරු අනාවරණය කර ඇත. තුන්වැන්නා මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුව සම්බන්ධකම් ඇති පුද්ගලයෙකි.

කෙසේ වෙතත් මේ විමර්ශනයට සම්බන්ධ වි සැකකරුවන් වසන් කරමින් සිටින යම් පොලිස් නිලධාරියෙක් වේ නම් ඔවුන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස්පතිවරයා සූදානම් බව ද දැනගන්නට ඇත.


-lankasara-

No comments

Ads Place