Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දලයි ලාමා අමෙරිකානු පිල්ලියක්. මේ වෙලාවේ එන්නේ චීන ශ්‍රී ලංකා සබඳතා අවුල් කරන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර

  ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ හෝ රජයේ වගකිවයුතු අමාත්‍යයවරයෙකුගේ හෝ අගමැතිවරයාගේ හෝ ජනාධිපතිරයාගේ ආරාධනාවකින් තොරව ටිබෙටයේ අධ්‍ය...

 


ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ හෝ රජයේ වගකිවයුතු අමාත්‍යයවරයෙකුගේ හෝ අගමැතිවරයාගේ හෝ ජනාධිපතිරයාගේ ආරාධනාවකින් තොරව ටිබෙටයේ අධ්‍යාත්මික නායකයායැයි හඳුන්වන දලයි ලාමා තුමා හදිසි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මේ වනවිටත් ශ්‍රී ලංකාවේ නියෝජ්‍යය චීන තානාපති හූ වෙයි මහතා සිය නොසතුට නෙල්ලිගල විහාර භූමියේදීම පල කර සිටියේය.

මේ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ අදහස් දක්වා සිටියි.

” ජාවාරම්කාරයෙකු, අපරාධකාරයෙකු හෝ වෙනත් කුප්‍රකට පුද්ගලයෙකු හැර වෙනත් ඕනෑම අයෙකු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආගමන නීති අනුව රට තුලට පැමිණියාට අපට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් 14 වන දලයි ලාමා තුමා ලෙස හඳුන්වන Jetsun Jamphel Ngawang Lobsang Yeshe Tenzin Gyatso තුමා යනු දැනට වයස අවුරුදු 88 කට ආසන්න ආගමික නායකයෙක්. උන් වහන්සේගේ විශේෂත්වය වන්නේ 1935 දී උත්පත්තිය ලබා 14වන දලයි ලාමා වරයා ලෙස ටිබෙටයේ බුම්චෙන් නගරයේදී 1939 වර්ෂයේදී ලාමාවරයෙකු බවට පත්වීමයි. එතැන් සිට ටිබෙටය මහජන චීන සමූහ ආණ්ඩුවට එරෙහිව නැගී සිටි කාලය දක්වා 14 වන දලයි ලාමා ලෙස ටිබෙටයේ වැඩ වාසය කළා. ගැටුම තීව්‍ර වීම හේතුවෙන් 1959 වර්ෂයේ මුල් භාගයේදීම රහසේම ඉන්දියාවට පලා ගියා. 1959 අප්‍රේල් 29 වනදා උතුරු ඉන්දියාවේදී ටිබෙටයෙන් පලාගිය පිරිස් එකතු කරගනිමින් නිදහස් ටිබෙට් රාජ්‍යය ප්‍රකාශයට පත් කර එහි ප්‍රධානියා බවට පත් වුනා.

1960 වර්ෂයේදි දලයි ලාමා තුමාගේ නායකත්වයෙන් ආරම්භ වුනු චීනයෙන් ටිබෙටය නිදහස් කර ගැනීමේ ගරිල්ලා ව්‍යාපාරයට සී අයි ඒ සංවිධානය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් ලබා දී ඇති බව වාර්තා වුනා. එතුමාගේ ගරිල්ලා සටන ටිබෙටයේදී ජයග්‍රහනය වූවේ නැති වුවද 1989 දි එතුමා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.එලෙසම අමෙරිකානු කොන්ග්‍රසය පිරිනමන රං සම්මානය 2006 වර්ෂයේදී දිනා ගැනීමටද සමත් වූවා. ඒ අනුව දලයි ලාමා තුමා සී අයි ඒ නියෝජිතයෙකු බව සක් සුදක් සේ පැහැදිලියි.

ශ්‍රී ලංකාව වෙලී ඇති ණය අර්බූදයෙන් ගොඩ යාමට චීනයෙන් ගත හැකි උදව් වැලැක්වීමට චීන එක්සිම් බැංකුවට ගෙවීමට තිබෙන ණය නොගෙවන බවට කළ ප්‍රකාශය හේතු වූවා. අද වන විට චීනය ශ්‍රී ලංකාව කෙරෙහි සාධනීය ඇසකින් බැලීමට කටයුතු කරන මොහොතක චීන හොඳ හිත පළුදු කිරීමට අදෘශ්‍යමාන හස්තයක් මැදිහත් වී තිබෙන බව පැහැදිළියි. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සංචාරය කිරීමට එතුමාට ඉඩ දීමෙන් ඔබ්බට ගොස් එතුමාට කුමන හෝ රාජ්‍ය පිළිගැනීමක් කිරීමට කුමන හෝ රාජ්‍ය නිළධාරියෙක් කුමන හෝ ඇමතිවරයෙකු මැදිහත් වුවහොත් ඔහු මේ කුමන්ත්‍රණයේ වග උත්තරකරුවෙකු කළ යුතුයි.

එවැනි රාජ්‍යතාන්ත්‍රික වරදක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම විදේශ ඇමතිවරයා වග බලා ගත යුතුයි.”

No comments

Ads Place