Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහනුවර පොලිසිය ඇහැරෙයි… නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ ගෝලයෙකුට හිමි ගණිකා මඩම් දෙකක් වටලයි!

  මහනුවර ප්‍රබල තරුණ දේශපාලනඥයකු ගේ සමීප තම ආධාර කරුවකු විසින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වටලා කාන්තාවන් සිව් දෙනෙකු සහ එම මඩම්වල ...

 


මහනුවර ප්‍රබල තරුණ දේශපාලනඥයකු ගේ සමීප තම ආධාර කරුවකු විසින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වටලා කාන්තාවන් සිව් දෙනෙකු සහ එම මඩම්වල කළමනාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය සමත්ව තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තඹුත්තේගම , මාතලේ හා කටුගස්තොට ප්‍රදේශ වල පදිංචි අවුරුදු 35- 38 වයස්වල පසුවන්නියන් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මහනුවර දංගොල්ල සහ ගැටඹේ අමරවංශ මාවතේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන  සම්බාහන ස්ථාන  මුවාවෙන් කලක පටන් පවත්වා ගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

ගණිකා මධ්‍යස්ථාන  හිමිකරු මහනුවර ප්‍රබල දේශපාලනඥනයා ගේ බලය අයුතු ලෙස භාවිත කරමින් මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ස්ථාන කිහිපයක මෙම ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිය තිබේ. .

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ගේ උපදෙස් මත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.


-lankasara-

No comments

Ads Place