Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිත්තර ආනයනය කිරීමට මරාගෙන මැරෙන කෝප් කමිටුවේ විකටයන් ඖෂධ මිල පාලනය ගැන කට අරින්නේ නැහැ – ජාතික සංවිධාන කියයි

  බිත්තර ආනයනය කිරීමට ඉඩ දෙන ලෙස හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද සහ මන්ත්‍රී නිමල් ලාන්සා මෙන්ම සභාපති රංජිත් බණ්ඩාර යන අය කෝප් කමිටුවේදී ර...

 



බිත්තර ආනයනය කිරීමට ඉඩ දෙන ලෙස හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද සහ මන්ත්‍රී නිමල් ලාන්සා මෙන්ම සභාපති රංජිත් බණ්ඩාර යන අය කෝප් කමිටුවේදී රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම පිළිබදව විවේචනයක් එල්ල වන තත්ත්වයක් යටතේ ඒ පිළිබදව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

එහිදී මේ පිළිබදව අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“මේ විකටයන් බිත්තර අනායනය කර කොමිස් ගැසීමට සැරසෙන ඇමැතිවරු වෙනුවෙන් කඩේ යනවා. ඔවුන් නිෂ්පාදකයන්ට චෝදනා එල්ලකරමින් බිත්තර ආනයනය සාධාරණීයකරණය කරනවා. ඒ සදහා අනුමැතිය ලබාදෙන ලෙස නිලධාරීන්ට අයුතු බලබෑම් කරනවා.

එහෙත් ඩොලරය 40% කින් ඉහළ ගිය විට ආනයනික සහ ඊනියා දේශීය ඖෂධ 400% කින් ඉහළ දමන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගන්නේ නැහැ.

අද ඒ ආකාරයට ඖෂධ මිල හතරගුණයකින් ඉහළයාම නිසා පෙන්ෂන්කාරයෝ බෙහෙත් බොන්නේ දවසක් හැර දවසක්. රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට අත්‍යවශ්‍ය ඖෂධ 380න් අඩුතරමින් 30%ක් සෘජු ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවීම මගින් අත්සන් කර ඖෂධ මිල පහළ දාන්න පුළුවන්. ඒත් පාර්ලිමේන්තුවේ විකටයින් ඒ සභාපති ගෙන්නලා ප්‍රශ්න කරන්නේ නැහැ.

බිත්තර අත්‍යවශ්‍ය ආහාරයක් නොවෙයි. ඒවා කල්තබාගත නොහැකියි. ඒ නිසා වෙළෙදපොල මගින්ම මිල පාලනය වෙනවා. මේ විකටයන් දේශීය නිෂ්පාදනය කඩා වට්ටනවා“

No comments

Ads Place