Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ ගැහිල්ල අයි.පී.එල් එකට කලින් ගැහුවා නම් දසුන්ව ගන්න කණ්ඩායම්වලට සල්ලි මදි වෙනවා – ගෞතම් ගම්භීර්

  මේ වන විට පැවැත්වෙන ඉන්දීය ශ්‍රී ලංකා තරඟය අයිපීඑල් වෙන්දේසිය අතරතුරේ පැවැත්වුණේ නම් ශ්‍රී ලංකා නායක දසුන් ශානකව මිලදී ගැනීමට කණ්ඩායම්වලට ...

 


මේ වන විට පැවැත්වෙන ඉන්දීය ශ්‍රී ලංකා තරඟය අයිපීඑල් වෙන්දේසිය අතරතුරේ පැවැත්වුණේ නම් ශ්‍රී ලංකා නායක දසුන් ශානකව මිලදී ගැනීමට කණ්ඩායම්වලට මුදල් ප්‍රමාණවත් නොවන්නට ඉඩ තිබූ බව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ස්ටාර් ස්පෝර්ට්ස් වෙත පවසා තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟයේදී පන්දු 22කදී ලකුණු 56ක් හා එක් ඕවරයකදී කඩුළු 2ක් ලබා ගනිමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ‘රෙඩ්හොට් තත්ත්වයේ සිටින බව ද ඔහු පවසා ඇත.

“මට සල්ලි නැහැ ඔහු පිතිකරණයේ යෙදුණු ආකාරයටම ඔහු මිල අධික වනු ඇත. ඒක තමයි වෙන්දේසිය කියන්නේ. සිතන්න, මේ තරඟ මාලාව වෙන්දේසියට මොහොතකට පෙර සිදු වූවා නම්, මම ඇතුළුව ඉහළම කණ්ඩායම්වලටත් ඔහුව මිලදී ගැනීමට මුදල් නොතිබෙනු ඇත..” ගාම්බීර් පැවසීය.

දෙසැම්බරයේ පැවති T20 2023 වෙන්දේසියේදී තුන් ඉරියව් ක්‍රීඩකයින්ට ඉහළ ඉල්ලුමක් පැවති අතර සෑම් කරන්, කැමරන් ග්‍රීන් සහ බෙන් ස්ටෝක්ස් වැනි ක්‍රීඩකයින් විශාල ලංසු සමඟ අලෙවි වූ අතර පුදුම සහගත ලෙස ශානක, මූලික මිලට (රුපියල් ලක්ෂ 50 ) අලෙවි නොවීය.

විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඔහු වෙනුවෙන් ගැනුම්කරුවන් නොසිටියද, ඔහු දැනට ඉන්දියාවට එරෙහි T20 තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වේ.

31 හැවිරිදි ඔහු තරග දෙකකදී ලකුණු 101ක් ලබාගෙන ඇත්තේ ඇදහිය නොහැකි පහර 206.12ක වේගයකිනි. තරගමාලාවේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි ස්ථානයේ පසුවන්නේ කඩුලු 2ක් දවාගනිමිනි

No comments

Ads Place