Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලය මෙහෙයවා රට අස්ථාවර කළේ ‘බෝන් අගේන්‘ ආගමික මතධාරී ඇමෙරිකානු තානාපතිනියයි – ඇල්ලේ ගුණවංශ හිමියෝ හෙළිකරති

  මෙරට තුළ ක්‍රියාත්මක වූ ‘අරගලය‘ මෙහෙය වූයේ ජාත්‍යන්තර බලවේග විසින් බවත් එය කුමන්ත්‍රණයක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. මෙහි එක් ප...

 



මෙරට තුළ ක්‍රියාත්මක වූ ‘අරගලය‘ මෙහෙය වූයේ ජාත්‍යන්තර බලවේග විසින් බවත් එය කුමන්ත්‍රණයක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

මෙහි එක් පාර්ශ්ව කරුවකු ලෙස ‘බෝන් අගේන්‘ ආගමික කල්ලිය ක්‍රියත්මක වූ බවත් උන්වහන්සේ පවසති. එමෙන්ම ජාත්‍යන්තර ඩයස්පෝරාවද මෙහි තවත් කොටස් කරුවකු බව උන්වහන්සේ පෙන්වා දෙති.

රට අස්ථාවර කිරීමට වැඩි වශයෙන් අවශ්‍යතාවට තිබුණේ ජාත්‍යන්තරයට බවත්, අරගලය ක්‍රියාත්මක වූ මොහොතේ සිට රෝ(Roe) සහ CIA සංවිධාන එම අරගලයට විශාල මෙහෙවරක් ඉටු කළ බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කරති.

බෝන් අගේන් යනු 1980 වසරේදී පමණ මෙරටට පැමිණි ඇමෙරිකානු ක්‍රිස්තියානි දහමේ එක් පාර්ශ්වකරුවකු බවත්, එම කල්ලිය මෙම අරගලය පසුපසින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවත් උන්වහන්සේ හෙළි කරයි.

සමස්ත අරගලය ක්‍රියාත්මක කිරීමේ අදෘෂ්‍යමාන හස්තය ලෙස ක්‍රියා කළේ අමෙරිකානු තානාපතිනිය වන ජූලි චංග් බවද, ඇය කොරියානු සම්භවයක් සහිත බෝන් අගේන් ආගමික කල්ලියේ සමාජිකාවක් බව ද ඇල්ලේ ගුණවංශ හිමියෝ හෙළිදරව් කරයි.

https://m.youtube.com/watch?v=F3Ws8HqalWY&feature=emb_imp_woyt

No comments

Ads Place