Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුණෑගල නගරාධිපති තනතුරෙන් ඉවතට

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇතැයි ...



කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම ඉවත් කිරීම සිදුවී ඇති බව සදහන්ය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබේ.

තුෂාර සංජීව විතාරණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිත බවද වාර්තා වේ.

No comments

Ads Place