Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිදහස් දිනය නිමිත්තෙන් බෞද්ධ වත්පිළිවෙත්වලට මුල්තැන දීමට දෙමළ පක්ෂ විරුද්ධයිලු

  ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් උතුරු පළාත් සභාව සිංහල බෞද්ධ වත් පිළිවෙත් හා සැරසිලිවලට මුල්තැන දීම ගැන තමන් විරුද්ධ වන බව යාපනයේ දෙමළ දේ...

 


ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් උතුරු පළාත් සභාව සිංහල බෞද්ධ වත් පිළිවෙත් හා සැරසිලිවලට මුල්තැන දීම ගැන තමන් විරුද්ධ වන බව යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් 22දා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිංහ ධජ හා බෞද්ධ කොඩි යොදාගෙන උතුරු පළාත් සභා කාර්යාලය හා ඒ අවට සැරසිලි සිදු කොට තිබීමත්, ජාතික නිදහස් දිනය දා සිදු කෙරෙන ආගමික වතාවත්වලදී බෞද්ධ ආගමට මුල්තැන දීමටත් තමන් දැඩි සේ විරුද්ධ බවයි දෙමළ දේශපාලකයන් පවසා ඇත්තේ.

නිදහස් උළෙල නිමිත්තෙන් අනුරාධපුරයේ සිට යාපනයට බෞද්ධ භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් කැඳවීමට පියවර ගෙන තිබීමත්, යාපනයේ හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන උත්සව පැවැත්වීමත් අනුමත කළ නොහැකි බව ඔවුන් පවසා තිබේ.

No comments

Ads Place