Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ගෝඨා ගෝ හෝම්‘ ටැග් එක හැදුවේ යෝෂිත රාජපක්ෂ – දෙරණ දිලිත් ජයවීරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සමාජ මාධ්‍ය සංවාදයකදී පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කිරීම සදහා තමා සහයෝගය ලබාදුන් බවත් එනිසාම...



දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සමාජ මාධ්‍ය සංවාදයකදී පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කිරීම සදහා තමා සහයෝගය ලබාදුන් බවත් එනිසාම රාජපක්ෂ පවුලේ දැඩි විරෝධයක් තමන්ට එල්ල වූ බවත් ය.

රාජපක්ෂ පවුලේ පවුල් දේශපාලනයෙන් මුදා ගෝඨාභය රාජපක්ෂ වෙනත් දේශපාලන ප්‍රවාහයකට යොමුකිරීමට උත්සාහ කිරීම මත මෙම විරෝධය ඇති වූ බවද, එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වූ පසුව ඔහු යළිත් රාජපක්ෂ පවුලේ දේශපාලනය තුළම කටයුතු කරන්නට වූ බවද ඔහු පවසයි.

මෙහිදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකරමින් දිලිත් ජයවීර සදහන් කරන්නේ ‘ගෝඨා ගෝ හෝම්‘ යනුවෙන් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් භාවිතා කළ සන්නාමය මුලින් නිර්මාණය කළේ යෝෂිත රාජපක්ෂ බවය. ඒ අරගලය සිදුවීමට පෙර සිදුවූ සිදුවීමක් බවද ඔහු සදහන් කරයි.

ජනතා  විමුක්ති පෙරමුණේ දේශපාලනයට මුල සිටම තමන් සහයෝගය ලබාදුන් බවත්, 2008 දී ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදුවූ බෙදීමත් සමග තමන් ජනතා විමුක්ති පෙරමුණේ නව ගමන පිළිබදව කලකිරී එම දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දැක්වීම නතර කළ බවත් ඔහු පවසයි.

සම්පූර්ණ වීඩියෝව පහළින්…


https://m.youtube.com/watch?v=LfVeMlsK4h4&embeds_euri=https%3A%2F%2Fwww.lankaleadnews.com%2F&feature=emb_logo

No comments

Ads Place