Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මියගිය සිසුවිය යූටියුබ් ගුරුවරියක් - පෙම්වතාත් ටියුෂන් ගුරෙක්

  ඊයේ ආන්දෝලනාත්මක ලෙස කොළඹ තුරග තරග පිටියේදී ඝාතනයට ලක්වූ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උද්‍යානයේ පදිංචිව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පී...

 


ඊයේ ආන්දෝලනාත්මක ලෙස කොළඹ තුරග තරග පිටියේදී ඝාතනයට ලක්වූ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උද්‍යානයේ පදිංචිව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි සිසුවිය සිය සරසවි අධ්‍යාපනයට අමතර වශයෙන් යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන ගියාය. ‘ස්ටැට් විත් චතූ‘ නමින් ඇය ඉදිරිපත් කළ වීඩියෝ 20 ක් පමණ එම නාලිකාවේ ඇතුළත්ව තිබූ අතර අවසන් වරට මීට සතියකට පෙරදී අලුත්වීඩියෝවක් නිකුත් කර තිබුණි.  විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන විෂයය පිළිබඳ විශේෂ උපාධියක් හදාරමින් සිටි ඇය ඇගේ සංඛ්‍යාන විද්‍යා දැනුම අන් අයට ලබාදීම පිණිස මෙම නාලිකාව පවත්වාගෙන ගියාය.

 නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයෙන් ගණිත අංශයෙන්  විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වූ ඇය පවුලේ වැඩිමහල් දියණියයි. මව පියා යුද හමුදා සේවයේ යෙදී විශ්‍රාම ගිය අය වූ අතර ඇයට නැගණියකද සිටියාය.

ඇගේ ඝාතක පෙම්වතා වැල්ලම්පිටිය, ෆෝර්ටිල උස්වත්ත පාරේ අංක 245/ඒ 3 ලිපිනයේ පදිංචි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නමැත්තෙකි.

ඔහුද සංඛ්‍යාන විද්‍යා විශේෂවේදී උපාධිය හදාරමින් සිටි අතරතුර පුළුල් වශයෙන් සිදු කළ උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස වැඩ කළ අයෙකු විය. ඔහු වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ යන ප්‍රදේශවල 9-10 සහ 11 ශ්‍රේණි සඳහා ගණිතය උපකාරක පන්ති පවත්වමින් සිටි බවද හෙළිව තිබේ.

‘මට ඇය නොමැතිව ජීවත් විය නොහැකි වුණා. මම ඇයට අවංකවම මගේ මුළු හදවතින්ම ආදරය කළා. ඇය වෙනත් අයෙකු වෙත යාමට උත්සාහ කළා. මා කී දේ ඇසුවේ නැහැ. ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ‘පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු පැවසුවේය.

ඔහු එම සිසුවියට දැඩි තහංචි පනවා තිබූ බවත් ඇය වෙනත් තරුණයෙකු සමඟ සබඳතාවක් ගොඩනඟා ගනු ඇතැයි යන දැඩි සැකයෙන් වෙනත් පිරිමියෙකු සමඟ කතා කිරීමට පවා ඉඩ නොදී තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු විසින් තරුණිය ඝාතනය කිරීමට යොදාගත් පිහිය මිට දින කිහිපයකට පෙර මිලදී ගත් එකක් බවත්, ඝාතනය කල්තියා සැලසුම් කළ එකක් බවත් විමර්ශන නිලධාරීහු පවසති.

No comments

Ads Place