Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිගේ බට හොරකම ගැන පොලිසියට ඔත්තුව දුන් තරුණයාට සභාපති පුතා පහර දීලා… තරුණයා රෝහලේ…

ප්‍රජා ජල ව්‍යාපෘතියකට අයත් ජී.අයි බට සොරා ගැනීම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් බෙලි අත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරාගේ හො...




ප්‍රජා ජල ව්‍යාපෘතියකට අයත් ජී.අයි බට සොරා ගැනීම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් බෙලි අත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරාගේ හොරකම පොලිසියට පැමිණිලි කළ තරුණයාට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුතා විසින් පහරදීම නිසා එම තරුණයා රෝහල්ගත කර ඇත.

මෙම පහර දීම සිදුකර ඇත්තේ පසුගිය පෙරේදා (31) වැනිදාය. තරුණයාට පහර දුන් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුතා ද තමන්ට පහර දුන් බවට පැමිණිලි කර රෝහල් ගත වී තිබේ.

මේ වනවිට මේ තැනැත්තන් දෙදෙනාම බෙලිඅත්ත රෝහලේ සිටින බව පොලිසිය පවසයි.

තමන් සභාපතිත්තවය දරන ප්‍රජා ජල ව්‍යාපෘතියකට සම්බන්ධ ජී.අයි. බට තොගයක් රහසිගතව මාලඹේ ප්‍රදේශයේ ආයතනයකට අලෙවි කිරීමේ චෝදනා මත බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) සිරිල් මුණසිංහ   සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පියදාස මුණසිංහ නැමති පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ පසුගිය 29 වැනිදා ය.

බෙලිඅත්ත මහහීල්ල නැගෙනහිර ප්‍රජා ජලමූල පැරකුම් සමිතියට අයත් අගල් දෙක ප්‍රමාණයේ ජී.අයි. බට 19ක ප්‍රමාණයක් හොර රහසේ විකිණීමට ගොස් ඔවුන් මෙසේ පොලිස් අත්අඩංගුවට පත් විය

රුපියල් 22000ක් වටිනා මෙම එක් බටයක් රුපියල් 15000 බැගින් මාළඹේ ආයතනයකට අලෙවි කර තිබිණි.

පසුව බට මිලදි ගත් අදාල ආයතනයේ සේවකයන් පිරිසක් 28 වන දින රාත්‍රි බට ටික රැගෙන යාමට පැමිණ තිබේ. එහිදි එම පිරිස බට ටික ගබඩා කර තිබූ සභාපති වරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් එම බට රැගෙන යාමට පහසු වන පරිදි කපමින් සිටියදී පහර කෑ තරුණයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කර දැනුම් දී තිබේ.

ඒ අනුව බෙලිඅත්ත පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් එහි ගොස් අදාල පිරිසගෙන් මේ සම්බන්ධයෙන් විමසා  අදාල බට තොගය පොලිස් බාරයට ගෙන 29 වන දින සභාපතිවරයාට සහ සොයුරාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව සභාපති වරයා ඇතුළු පිරිස පසුගිය 29 වැනිදා බෙලිඅත්ත පොලිසියට ගොස් තිබිණි.

එහිදී සිදුකළ මුලික විමර්ශනවලින් පසු සිද්ධියට අදාලව සැකකාර සභාපති හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණය ඔවුන් දෙදෙනාව 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

No comments

Ads Place