Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය මූල්‍ය අර්බුදයක – බැංකුවලින් ණය දෙන්නත් බැහැ කියයි

  රාජ්‍ය බැංකු දෙකක් මගින් තෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ නිසා ආයතන දෙකම බරපතළ මූල්‍ය අර්බුදයකට...

 



රාජ්‍ය බැංකු දෙකක් මගින් තෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ නිසා ආයතන දෙකම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය බලාගාර සඳහා ලබාගත් රුපියල් කෝටි 10,800 (බිලියන 108) ක හිඟ ණය මුදල වහා තෙල් සංස්ථාවට පියවන ලෙස එම සංස්ථාව මේ වනවිටත් විදුලිබල මණ්ඩලයට දන්වා ඇති බවද සදහන්ය.

රාජ්‍ය සමාගමක් ලෙස විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය සහාය මණ්ඩලයට ලබාදීමට බැදී සිටියත් අදාළ හිඟ ණය මුදල පියවීමට ලංවිම කටයුතු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීමට හා පිරිපහදුව දිගටම ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත සිල්වා පවසයි.

ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් සදහන් කර ඇත්තේ විදුලි ගාස්තු ඉහළ නොදමන්නේ නම් අදාළ ණය පියවීමට නොහැකි වන බවයි. බලාගාර සඳහා තෙල් සංස්ථාව තවදුරටත් ණය පදනම මත ලංවිමට ඉන්ධන ලබා නොදුනහොත් දෛනික විදුලි කප්පාදුව තව පැය ගණනක් වැඩි කිරීම හැර වෙන කිසිම විකල්පයක් නොමැති බවත් ඔහු පවසයි.

No comments

Ads Place