Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික ජන බලවේගය සහ සරත් ෆොන්සේකා අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව ඇනහිටී

  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතර දේශපාලන එක්වීමක් සඳහා වූ සාකච්ඡා එ...

 



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතර දේශපාලන එක්වීමක් සඳහා වූ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජාතික බලවේගයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් මෙම සන්ධාගනගත වීම පිළිබඳ ප්‍රශ්නකාරී ස්වරූපයක් මතු කර තිබීමත් සරත් ෆොනසේකා විසින් මෙම සාකච්ඡාවේ දි ඉදිරිපත් කර තිබූ ඇතැම් කොන්දේසිවල ඇති ස්වරූපයත් නිසා අවසන් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකි වි ඇතැයි වාර්තා වේ.

ඉදිරි මැතිවරණවල දී ජාතික ජන බලවේගය සමග සරත් ෆොන්සේකා ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කරගැනීම සඳහා දෙපාර්ශවය අතර මූලික සාකච්ඡා කිහිපයක් මින් පෙර පවත්වා තිබිණි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නියෝජනය කරන වතුකරයේ දෙමළ පක්ෂ නායකයින් වූ පලනි දිගම්බරම්, සූර්ය කුමාර් සහ මනෝ ගනේෂන්ගේ නායකත්වය යටතේ ඇති දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා දිගටම පවත්වාගෙන යන බව වේ.

No comments

Ads Place