Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආරක්ෂක ප්‍රධානීන් අරගලයට සම්බන්ධයි – ගෝඨාභයගේ නියෝග ඔවුන් පිළිපැද්දේ නැහැ – හිටපු හමුදා සාමාජිකයකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

  එක්සත් රණවිරුවන්ගේ ප්‍රජාවේ කැදවුම්කරු, අපේ ජනබල පක්ෂයේ හිටපු සංවිධායකවරයකු හා හිටපු හමුදා සාමාජිකයකු වන අසේල ධර්මසිරි අරගලය ක්‍රියාත්මක ව...

 



එක්සත් රණවිරුවන්ගේ ප්‍රජාවේ කැදවුම්කරු, අපේ ජනබල පක්ෂයේ හිටපු සංවිධායකවරයකු හා හිටපු හමුදා සාමාජිකයකු වන අසේල ධර්මසිරි අරගලය ක්‍රියාත්මක වූ අකාරයත් එයට සහාය ලබාදුන් පිරිස් පිළිබදව මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් හෙළිදරව් කරයි.

සමාජ මාධ්‍ය සංවාදයකදී මෙම කරුණු හෙළිකරමින් ඔහු පවසන්නේ අරගලය ත්‍රස්තවාදයක් ලෙස ක්‍රියාත්මක වූ බවත් එය පිටුුපස සිටිමින් ත්‍රිවිද හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් අරගලයට සහාය ලබාදුන් බවත්ය. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ලබාදුන් නියෝග කිසිවක් ඔවුන් ක්‍රියාත්මක නොකළ බවද ඔහු සදහන් කරයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ද මෙම අරගලය පිටුපස සිටි බවද, අරගලය සිදුවද්දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සිටියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ බවද ඔහු හෙළිදරව් කරයි.

හිටුපු ජනාධිපතිවරයාගේ නියෝග නොතැකූ ආරක්ෂක ප්‍රධානීන්, වර්තමාන ජනාධිපතිගේ නියෝග අකුරට ඉටුකරමින් සිටීම පිළිබදව දැඩි සැකයක් ඇතිවන බවද ඔහු සදහන් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

https://m.youtube.com/watch?v=c4pf9VyAuhM&embeds_euri=https%3A%2F%2Fwww.lankaleadnews.com%2F&feature=emb_logo

No comments

Ads Place