Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිත්තර ආනයනය ලබන සතියේ දි ආරම්භ වෙයි!

  ලබන සතිය තුළ බිත්තර ආනයනය ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි. ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කර රජය විසින් ඒ පිළිබඳ දැනු...

 



ලබන සතිය තුළ බිත්තර ආනයනය ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි.

ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කර රජය විසින් ඒ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවා බිත්තර ආනයනය කිරීම සඳහා සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතියේ මුල සිදුකර අවසන් කිරීමට එම සංස්ථාව සැලසුම් කර ඇත.

බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ආනයන වගකීම රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව වෙත පැවරී තිබිණි.

ඒ අනුව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසන්නේ ලබන සතිය තුළ බිත්ත ආනයනය සිදුකරන බවය. එම ආනයනයෙන් අනතුරුව රුපියල් 45කට අඩුවෙන් පාරිභෝගිකයාට බිත්තරයක් ලබා ගත හැකි වනු ඇතැයි රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මාධ්‍යයට පවසා ඇත.


වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු විසින් බිත්තර ආනයනය කිරීම සඳහා අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තේ පසුගිය 02 දාය.

No comments

Ads Place