Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘මම ශාප කරලා අවුරුද්දක් යන්නත් කලින් රාජපක්ෂල එලවල දැම්මා' - සන්ධ්‍යා එක්නැලිගොඩ..

සිය සැමියා පැහැරගෙන මරා දැමූ අපරාධකරුවන්ට එරෙහිව කාලි මෑණියන් ඉදිරියේ ශාප කිරීමෙන් වසරක් ගතවීමටත් පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ පාලනය බිඳ වැටුණ බව,...


සිය සැමියා පැහැරගෙන මරා දැමූ අපරාධකරුවන්ට එරෙහිව කාලි මෑණියන් ඉදිරියේ ශාප කිරීමෙන් වසරක් ගතවීමටත් පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ පාලනය බිඳ වැටුණ බව,

පසුගිය වසරේ ලොව කීර්තිමත්ම කාන්තාවක ලෙසින් BBC 100 Women වැඩසටහන මගින් ද තෝරාගනු ලැබූ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.  

ඇය ඒ බව කියා සිටියේ මෝදර කාලි මෑණියන් ගේ දේවාලය අභියස දී "ස්වාමි භක්ති ආතුර පූජා මහා ශාපය" කන්නලවුවෙන් අනතුරුව "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමිනි.

2022 ජනවාරි මාසයේ මුලින්ම කාලි මෑණියන් අභියස හිස මුඩු ගා, එම කන්නලවුව පැවැත්වූ සන්ධ්‍යා එවක් පටන් කළු පැහැති ඇඳුමෙන් සහ රතු සාටකයකින් සැරසී සිටින්නී, අදින් 13 වසරකට පෙරාතුව මහින්ද රාජපක්ෂ පාලනය සමයේ අතුරුදහන් කරනු ලැබූ සිය සැමියා, ප්‍රගීත්, සොයාගන්නා තුරු යළිත් සිය කේශ කලාපය නොවවන බවට ද ශපථ කරන්නීය.

ගිය වසරේ මේ අන්දමින්ම කාලි මෑණියන් හමුවට විත් ප්‍රගීත් පැහැරගත් අපරාධකරුවන්ට සහ එයට සම්බන්ධ පාලකයින්ට "මේ රටේ ජනතාව ලවා පහර දිදී පන්නා දමන" මෙන් කන්නලවු කළ බව පවසන සන්ධ්‍යා, වසරක් ගෙවීමටත් පෙරාතුව එහි ප්‍රතිඵල දක්නට ලැබුණ බවද "සංදේශය" නාලිකාව සමග කියා සිටියාය.

"12 වෙනි අවුරුද්ද ගෙවෙන්න පෙරාතුව මාගේ කන්නලවුව මේ රටේ සියලු බලතල සහිත රජෙක් විදියට ආපු රජෙක්ට පහර දීල මේ රටේ ජනතාව බලයෙන් එලවල දැම්ම; රාජපක්ෂලාගේ තේජස නැති කරලා දැම්ම. මම හිතන්නේ ඒ කාලි මෑණියන්ගේ අනුහසින් කියල."

කෙසේ වුව ද එතැනින් සිය සටන නොනවත්වන බව සන්ධ්‍යා අවධාරණය කරන්නීය.

"ප්‍රගීත්ව අක්කරේපත්තුව වෙන තෙක් පැහැරගෙන ගිහිල්ල ප්‍රගීත්ගේ ජීවීතය උදුරාගත් අපරාධකරුවන්ටත් දඬුවම් ලැබිය යුතුයි. රාජපක්ෂලා සේම රාජපක්ෂලා ආරක්ෂා කරන උන්ටත් දඬුවම් ලැබිය යුතුයි," යනුවෙන් ද ඇය "Sandeshaya by Saroj" නාලිකාව සමග කියා සිටියාය.

සත්‍ය කොමිසම ඇස් බැන්දුමක්?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරනු ලැබීමට යෝජිත සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිසම ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ, එය "වින්දිතයින් සහ ජාත්‍යන්තරය රවට්ටන්න," උත්සහයක් විය හැකි බැවින් එවැන්නක් පිහිටුවන්නේ නම් අනිවාර්යයෙන්ම එය ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහභාගිත්වය සහිත යාන්ත්‍රණයක් විය යුතු බවය.  

යුක්තිය පතා අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි පමණක් යොමුවනු වෙනුවට කාලි මෑණියන්ගේ පිහිට පතන්නේ ඇයිද යන්න පිළිබඳව ද ඇය සිය අදහස් පළ කළාය.


කළු ජනවාරිය

ලසන්ත වික්‍රමතුංග, නිමලරාජන් මයිල්වාගනම්, ධර්මරත්නම් සිවරාම් ඇතුළු ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්, පොද්දල ජයන්ත, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි පැහැරගෙන වද බන්ධනවලට ලක් කෙරුණු මාධ්‍යවේදීන් ඇතුළු සියලු මාධ්‍ය සගයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්ද පසුගිය අඟහරුවාදා (ජනවාරි 24) කොළඹ දී සමරු උත්සවයක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහිදී අදහස් දක්වමින්, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් ක්‍රියාත්මක නොකෙරුණු බව පෙන්වා දුන්නේය.

එවැනි සංශෝධනයක් යටතේ හෝ පත්කිරීමට යෝජිත ස්වාධීන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේය.

"පොලිස් කොමිසමේ සාමාජිකයින්, එහි නායකත්වය, දේශපාලනඥයින් පිළිගන්න airportවලට යනවා නම් මම හිතන්නේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ, ඒ අය යටතේ ඉන්න පොලිස් නිලධාරීන් ඊට වඩා ස්වාධීන වේවි කියල," ඔහු පැවසීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම, 2019 නොවැම්බරයේ දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව අධිකරණය, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශවල විශ්වසනීයත්වය බිඳ දැමූ අන්දම විස්තර කළේය.

සම්මන්ත්‍රණය අවසානයේ සියලු මාධ්‍යවේදීහු ඉටිපන්දම් දල්වා සිය සහෝදර මාධ්‍යවේදීන්ට ගෞරවාචාරය පුද කළහ.

මේ අතර "මේ අතර ජනවාරිය තවම කළුයි ... යුක්තිය කෝ" මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ද 27 වෙනි සිකුරාදා කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල සමරු උත්සවයක් සංවිධානය කරනු ලැබ තිබේ.

No comments

Ads Place