Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට බිත්තරේ ට අනුමැතිය නොදෙන අය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

  බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් ...

 



බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. 

ඉදිරි උත්සව සමයේදී සාමාන්‍ය ඉල්ලුමට වඩා ඉහළ ඉල්ලුමක් බිත්තර සඳහා ඇති වන අතර රට තුළ එයට සරිලන නිෂ්පාදනයක් නොමැතිනම් එම හිඟය පියවීමට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයනය කළ යුතුය යන්න කැබිනට් මණ්ඩලයේ අදහසවන බවද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

"දැන් බිත්තර නිෂ්පාදනය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි තත්ත්වය තුළ බිත්තරවල හිඟයක් පවතිනවා. ඒ හිඟය තුළ උද්ධමනාත්මක පීඩනයක් ඇතිවෙලා බිත්තරයක මිල වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවල පවතින ක්‍රමමෝපාය තමයි ඉල්ලුම සහ සැපයුම පියවා ගැනීමට ප්‍රමාණවත්, ප්‍රමාණයක් හෝ ආනයනය කරලා වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න ඕනේ. එක තමයි හැම රටක්ම අනුගමනය කරන ක්‍රියාවලිය. තමන්ගේ රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැතිනම් ඒ ප්‍රමාණවත් නැති ප්‍රමාණය සඳහා විශාල ඉල්ලුමක් කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පසුපස විශාල ඉල්ලුමක් ලුහුබැන්ඳොත් එහි මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එක කුඩා දරුවෙක් වුණත් දන්න සත්‍යයක්....."

"වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය බිත්තර කුඩා ප්‍රමාණයක් ආනයනය කරලා ඉන්දියාවෙන්. ඒවා වෙළෙඳපොළට නෙමේ, රෝහල්වලට, පාසල්වල දිවා ආහාරය සඳහා, බේකරි කර්මාන්තය සඳහා බෙදාදෙන්න. නමුත් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මක වෙන බව එතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා...."

"ඒ පිළිබඳ ජනාධිපතිතුමා නියම කළා අදාළ පාර්ශවයන් පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබා දෙන්න කියලා...."

"බිත්තර අපනයනය කරන රටවල් තියෙනවා ලෝකේ. ඉන්දියාව තමයි ප්‍රධාන බිත්තර අපනයනකරු. ලෝකේ වෙනත් රටවලට යවන එකක් අපේ රටට ගෙන්නන්න බෑ කියලා කවුරුහරි තීරණය කරනවා නම් ඒ තීරණය සඳහා සාධාරණ හේතු දක්වන්න ඕනේ...."

No comments

Ads Place