Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සේපාල සීඅයිඩී අත්අඩංගුවට

  ශ්‍රී දළඳා මාලිගාවට නිගා කරමින් ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්...

 



ශ්‍රී දළඳා මාලිගාවට නිගා කරමින් ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන අතර ඊයේ දහවල් පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධයෙන් විවාදයට ලක් විය. එලෙසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කළේය.

මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයා හට සිදු කළ දැනුම් දීමෙන් සේම, මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලද ලිපියකින් අනතුරුව මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙතට යොමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බාර දුන් බවත් ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් ප්‍රකාශකවරයා පැවසීය.

No comments

Ads Place