Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස්පති වෙන්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට කාදිනල් හිමිගේ බලවත් විරෝධය!

කිර්ති ප්‍රනාන්දු – දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පොලිස්දෙ පාර්තමේන්...



කිර්ති ප්‍රනාන්දු –


දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පොලිස්දෙ පාර්තමේන්තුවේ පොලිස්පතිවයාට පමණක් දෙවැනිවන තනතුර වූ පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධූරය ලබා දිමට එරෙහිව මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ස්වකීය දැඩි විරෝධතාවය පල කර තිබේ.

කාදිනල් හිමියන්ගේ විරෝධය ප්‍රකාශය කිරීම වෙනුවෙන් අද සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යනු වර්ෂ 2019 දී පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගන්නට ඉඩකඩ තිබියදීත් එය වළක්වා නොගත් ප්‍රධාන  පුද්ගලයෙක් බවය.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ  13 වැනි පරිච්ඡේදයේ ඔහුගේ මෙම වගකීම පැහැරහැරීම දක්වා ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේය.ෙ සියලු සාක්ෂි විමර්ශනයෙන් පසු පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ සාපරාධී වගකීමක් නිලන්ත ජයවර්ධනට ඇති බව එම සභා වාර්තාවේ දක්වා ඇති ආකාරය ද පියතුමා රටේ අවධානයට ලක් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ කර ඇති ආකාරය  මෙහිදි අවධාරණය කෙරිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සැඟවීමට බව පැහැදිලියැයි ද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් කරමින් සිටින්නේ

අපරාධකරුවන් ආරක්ෂා කිරීම මෙන්ම පාස්කු ප්‍රහාරය පසුපස ඇති කුමන්ත්‍රණය සැඟවිමේ නින්දා සහගත ක්‍රියාව  යැයි ද පියතුමා පැවසුවේය.

“රටේ සංවර්ධනයට ආර්ථික සංවර්ධනය පමණක් නොව, යුක්තිය සහ සාධාරණය ඉටුවීම ද  අත්‍යාවශ්‍යයි…  මෙවැනි පත්කිරීම් හරහා රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට මෙන්ම අභියෝගයට ද ලක් කෙරෙනවා….“ සිරිල් ගාමිණි පියතුමා කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා  පොලිසියේ සිටින ඉහළම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබේ.


-lankasara-

No comments

Ads Place