Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටිරාන් අලස්ගේ ‘දුරකථනයෙන්‘ අරගලයේ සිටි පිරිසක් පළාත් පාලන ඡන්දයට

  එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයද ඉදිරිපත්වන බව එක්සත් මහජන පක්ෂය (UPP) අද(16) සිය ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ පදනම් ආයතනයේදී පවත්වමින්...

 



එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයද ඉදිරිපත්වන බව එක්සත් මහජන පක්ෂය (UPP) අද(16) සිය ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ පදනම් ආයතනයේදී පවත්වමින් සදහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධානින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම උදෙසා පවත්නා දේශපාලන, සමාජ ආර්ථික ගැටළු වෙනුවෙන් ප්‍රයෝගික විසදුම් යෝජනා පාදක කරගත් මාවතක් ඔස්සේ කටයුතු කිරීම තම ප්‍රධාන අරමුණ බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා UPP නියෝජනය කරමින් සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන විරාජ් කෝනාර, සිවිල් සමාජ ක්‍රියාකාරිනි මාෂි සේනානායක සහ සමාජ ක්‍රියාකාරික චතුර රාජපක්ෂ එක්ව සිටියේය.

එහිදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, අද වන විට ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්ව තිබීම කටුක යථාර්ථය වුවත්, තවදුරටත් ඒ තත්වයට පත් කළ පිරිස් විවේචනය කිරීමෙන් ඔබ්බට ගොස් සුබවාදී අනාගතයක් වෙනුවෙන් සියලු දෙනා වැඩකළ යුතු යුගයක් නිර්මාණය වී ඇති බවයි.

No comments

Ads Place