Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කරයි.

 අරගලයට මුදල් වියදම් කළේ එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස් පෝරාව ඇතුළු මේ රට බංකොලොත් කරන්න උත්සහ කරන කණ්ඩායම් - ප්‍රසන්න  මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැ...

 අරගලයට මුදල් වියදම් කළේ එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස් පෝරාව ඇතුළු මේ රට බංකොලොත් කරන්න උත්සහ කරන කණ්ඩායම් - ප්‍රසන්න 


මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.





ඉදිරි  පළාත් පාලන මැතිවරණයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම‍ යෝජනා බාර දීම සිදුකෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපේ පළාත් පාලන ආයතනවල අපේ කණ්ඩායම් සියල්ල පසුගිය කාලයේ ජනතාවට වැඩ කළා. විශේෂයෙන් කොවිඩ් කාලයේදී ජනතාව මරණයෙන් බේරා ගන්න, එන්නත්කරණ වැඩසටහනේදි, යටිතල පහසුකම් නගා සිටුවන්න, ආර්ථික අර්බුදය හමුවේ මේ පළාත් පාලන ආයතන විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ සැලසුම් කළා වගේම භර්ගනී මව්වරුන්ට සහ දරුවන්ට පෝෂණ වැඩපිළිවෙලවල් මේ පළාත් පාලන ආයතන විසින් සිදු කර තිබෙනවා. අපි ඉදිරිපත් කරන්නේ කයිවාරු ගහන බෙරුවට කටින් බතල හිටවන අය නෙමෙයි, රටට දැනෙන වැඩක් කරපු පිරිසක්. මේ මැතිවරණයේදී ඔවුන් ජයගන්නවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ දින සම්මත වුණේ ඉතාම හොද යෝජනාවක්. හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද මහතාගෙන් සිට මහින්ද දේශප්‍රිය මහතා දක්වා සියලු මැතිවරණ කොමසාරිස්වරු කරපු ඉල්ලීමක් ලෙස තමයි මේ කෙටුම්පත ගෙනාවේ. මැතිවරණ කාර්යාලය සමඟ සම්බන්ධ වෙලායි මේක හැදුවේ. මේක රටේ ජනතාව ඉල්ලපු දෙයක්. අපි ආණ්ඩු පක්ෂය විදිහට සම්පූර්ණ එකගතාවය ලබා දුන්නා විතරක් නෙමෙයි ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා අපි කිවුවා.

පසුගිය කාලයේ චෝදනා තිබෙනවා අරගලයට මුදල් වියදම් කළේ එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස් පෝරාව ඇතුළු මේ රට බංකොලොත් කරන්න උත්සහ කරන කණ්ඩායම් කියලා. එම කණ්ඩායම්වල වැඩපිළිවෙල මත අරගලයට සල්ලි වියදම් කළා. ඒ වගේම අරගලයට සම්බන්ධ වුණු කණ්ඩායම් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නාමයෝජනා අරන් තියෙනවා. ඔවුන්ගේ සම්බන්ධතාවය එයින් පැහැදිලි වෙනවා. ඒ අය පනතට විරුද්ධ වෙන්න හේතුව මෙයයි. ඉදිරි මැතිවරණයට මේක ගෙනාවොත් ඔවුන්ගේ කළු සල්ලි ටික සුදු කරගන්න බැරිවෙනවා.

සමහර දේශපාලන පක්ෂ පෝස්ටර් කටවුට්වලට වියදම් කරනවා කියලා ඒ කාලේ මහලොකුවට කෑ ගැහුවා. එහෙම වියදම් කරන්න නම් කවුරු හරි මුදල් දෙන්න ඕනි. ඒ වගේම පෙරේදා තිබුණු පුද්ගලයින් පුනරුත්තාපනය කිරීමේ යෝජනාවටත් ඒ අය විරුද්ධ වුණා. පුනරුත්තාපනය කරන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය හා ඊට සම්බන්ධ අයයි. අපි දැක්කා පසුගිය කාලේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට වියදම් කරන්න උදව් කළේ බොහෝමයක් කුඩුකාරයින්. ගෝඨාභය ජනාධිපතිතුමා කුඩුකාරයෝ අල්ලද්දි ඔය රටවල්වලට පැන්න අය වෙනුවෙන් පෙනී හිටපු දේශපාලන පක්ෂ අතර ඒ අයට නාමයෝජනා පත්‍ර දීපු අයත් ඉන්නවා. කුඩුවලට අහුවුනු අය පවා ඉන්නවා. එහෙම අය වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා. ඒකටත් ඔවුන් විරුද්ධ වුණා. හොද වැඩක් කරන විට මේ අය විරුද්ධ වෙනවා.

මැතිවරණය කල් දාන දෙයක් මේ යෝජනාවල නැහැ. ඒක මැතිවරණ කොමසාරිස්ට තීන්දු කරන්න පුළුවන්. මේක බොරු බියක් ඇති කරලා ඊට විරුද්ධ වෙන්න හේතුවක් කර ගත්තා. මැතිවරණ කල් දානවද, කල් යයිද, ඒකට හේතුව මේකද කියලා ඉදිරියට බලා ගන්න පුළුවන්.   මේ පනතට කෙටුම්පත් ආරම්භ කළේ අවුරුදු 10 කටත් පෙරයි. වසර 10 ක් කියන්නේ කෙටි කලක් නෙමෙයි. ඉතින් කොහොමද මේක හදිසියේ ගෙනාවා කියන්නේ. මේක වසර 10ක් තිස්සේ කෙටුම්පත් හදලා සෑම ජනාධිපතිවරයෙක්ම එකඟ වුණු කාරණාවක් තමයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කලේ. මම නීතිඥයෙන් නෙමෙයි, නමුත් මම කියන්න කැමතියි, මේක මේ නඩුවක් දාන්න දෙයක් නෙමෙයි. පනතට 97 ක් පක්ෂව ලැබුණා. විපක්ෂව ලැබුනේ 37 යි. විපක්ෂයේ අයත් මේ යෝජනාවට කැමතියි. ඒ අයගෙත් බෙදීමක් තිබෙනවා මේකට.

අපි මැතිවරණයට නාම යෝජනා දෙන්නේ මැතිවරණය තියන්නයි. අපි මැතිවරණ වලට බය අය නෙමෙයි. ඉතිහාසයේ ඉදන් අපි මැතිවරණ වෙලාවට කලාවට තිබ්බා. යහපාලන ආණ්ඩුව කාලයේ අද ඔය කෑ ගහන අය තමයි පළාත් සභා ඡන්දයවත් තියන්න බැරි තැනට කටයුතු කළේ. අපි එහෙම කරලා නැහැ. මේ මැතිවරණයට පස්සේ අපි පළාත් සභාවත් තියන්න බලාපොරොත්තු වෙනවා.

අරගලය කවුරුත් අනුමත කරන දෙයක් නෙමෙයි. මුලින් ආරම්භ කලේ සාමකාමී අරගලයක්. පසුව කුඩුකාරයින්ගේ ගණිකාවන්ගේ තැනක් බවට ගෝල්ෆේස් පිටිය පත් වුණා. ඒක අපි හැමෝම දන්නවා. දැන් බලන්න අරගලයට සම්බන්ධ වුණු අය විශ්ව විද්‍යාල දරුවන්ව මරණ හැටි. ඒ මොකද ඔවුන් මානසික රෝගීන්. පසුගිය කාලයේ ඒ අයයි අරගලයට සම්බන්ධ වුණේ. අරගලයට සම්බන්ධ වුණු වැදගත් අය අද ලැජ්ජ වෙනවා අරගලයට ගිය එක ගැන. රටේ අර්බුද තියෙනවා. ආර්ථික බංකොලොත්භාවය වසර 3ක් තුළ සිදු වුණ දෙයක් නෙමෙයි. මේ රටේ යුද්ධයක් තිබ්බා. ඊයේ ඔබ දකින්න ඇති  යුද්ධ කාලයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ පියා එල්.ටී.ටී.ඊ එකට සල්ලි සහ අවි ආයුධ දුන්නා කියලා පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඒවා ඉතිහාසයේ ඉදන් වෙච්ච දේවල්. ඒවා තමයි රටේ ආර්ථික අර්බුදයට හේතු.

දැන් අරගලවලට මිනිස්සු සම්බන්ධ වෙන්නේ නෑ. අරගලයේ සැබෑ ස්වභාවය දන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සේ යුද්ධය ජයග්‍රහනය කළ රාජපක්ෂවරුන්ව තනතුරු වලට එන්න බැරිවෙන්න කරපු දෙයක් ඒක. එය 2015 දීත් කළා. එදා ඔවුන් ජයග්‍රහණය කළා. ඊට පස්සේ මිනිස්සු තේරුම් ගත්තා. නැවත රාජපක්ෂවරුන්ට බලය ලබා දුන්නා. ඊට පස්සේ අරගලය ආරම්භ කළා. අරගලයට මුදල් වියදම් කලේ මාස ගණනක් කන්න සල්ලි දුන්නේ කවුද? ඒවාට මුදල් වියදම් කළ අය ඉදිරිපත් වෙන්න ඕන.

අරගලයේදී ගැහුවා, මිනී මැරුවා, ගිනි තිබ්බා. මේක ඉතිහාසයේදීත් සිදුවුණා. 88, 89 කාලයේ මැතිවරණ වලදි ඡන්දය දුන්නොත් අත කැපුවා, මිනිස්සුන්ව මැරුවා. එහෙම ඉතිහාසයක් මේ රටේ දේශපාලන පක්ෂවලට තියෙනවා. අරගලය කරපු අය පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තිබ්බේ ඇයි? ඒ අයට මරණ භයක් ඇති කරලා ඒ තුළින් තමයි ඔවුන් ගමට ගිහින් දේශපාලනය ක්‍රියාවලිය සිදු කලේ. හැබැයි ජනතාව අද ඒකට ඉඩ දෙන්නේ නැහැ.

මැතිවරණයක් කියන්නේ අභියෝගයක්. කවුරුත් පෞද්ගලිකවත්, දේශපාලනික වශයෙනුත් අපිට අභියෝගයක් නෙමෙයි. හැමදේටම අපි සුදානම්. මෛත්‍රිපාල හිටපු ජනාධිපතිතුමාට අපි මොකටද සහය දෙන්නේ. අපි කැට හොල්ලන්නේ නැහැ. කැට හොල්ලන අය ඒක කරගනිවි. එතුමාට ඇති වෙන්න මුදල් තියෙනවා.”

රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ප්‍රදීප් අනුර කුමාර

No comments

Ads Place