Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වීම වැළැක්විය නොහැකියි – මැතිවරණ ජයග්‍රණයෙන් රනිල්ගේ සෙල්ලම් ඉවර කරනවා – විමල් කියයි

  මෙවර පළාත් පාලන ඡන්දයේදී ප්‍රතිඵල එන විට හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වීම වැළැක්විය නොහැකි බවත්, එම ජයග්‍රහණය තුළින් රනිල් ...

 



මෙවර පළාත් පාලන ඡන්දයේදී ප්‍රතිඵල එන විට හෙලිකොප්ටරය මෙරට ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වීම වැළැක්විය නොහැකි බවත්, එම ජයග්‍රහණය තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රට විනාශ කරන ක්‍රියාදාමය අවසන් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කෘතිම රැළි ඕනෑතරම් ඇති බවද, එහෙත් රට ඉල්ලා සිටින්නේ වළට වැටිච්ච රට ගොඩගතහැකි බලවේගයක් මිස වළට වැටුණු රටෙන් ප්‍රයෝජන ගැනීමට සැරසෙන පිරිසක් නොවන බව ද ඒ මහතා පවසයි.

රටේ ඇතිවූ වාතාවරණය තුළ වර්තමාන ජනාධිපතිවරයා ගැලවුම්කාරයා ලෙස පැමිණ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සරසෙන බව ප්‍රකාශ කරන විමල් වීරවංශ මහතා, ජේ. ආර් ජයවර්ධන පවා 13 වැනි සංශෝධන ගෙන ආවේ කැමැත්තකින් නොවන බව ද පවසයි.

ජේ.ආර්. ජයවර්ධනට එය ගෙන ඒමට ඉන්දියාව දැඩි බලපෑමක් සිදුකළ බවත්, එහෙත් ජේ.ආර් ජයවර්ධනවත්, රණසිංහ ප්‍රේමදාසවත්, ඩී.බී. විජේතුංගවත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ මහින්ද රාජපක්ෂවත් 13 තිබූ ඇතැම් වගන්ති කිසිදා ක්‍රියාත්මක නොකළ බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් රට කෑලිවලට කඩාදැමීමට සැරසෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

No comments

Ads Place