Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිදහස් උත්සවයට වැයවෙන මුදල මෙන්න.. නිදහස් සමරු පාපැදි සවාරිය සඳහා රුපියල් මිලියන විස්සක්..

  නිදහස් උත්සවයේ සංවිධාන කටයුතු සහ වැය වන වියදම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති අතර ඊට නිදහස් උත්සවයේ ...

 



නිදහස් උත්සවයේ සංවිධාන කටයුතු සහ වැය වන වියදම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති අතර ඊට නිදහස් උත්සවයේ සියලු කටයුතුවලට සම්බන්ධ පාර්ශ්වවල නිලධාරීහු සහභාගි වූහ.

නිදහස් උත්සවයේ සංස්කෘතික උත්සවය සඳහා රුපියල් මිලියන පහළොවක්ද, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පැවැත්වෙන නිදහස් සමරු පාපැදි සවාරිය සඳහා රුපියල් මිලියන විස්සක්ද, නිදහස් උත්සවය නැරඹීමට පැමි‍ණෙන දකුණු ආසියාතික කලාපයේ රාජ්‍ය නායකයින් සහ ප්‍රභූන්ගේ නවාතැන් ඇතුළු පහසුකම් සඳහා රුපියල් මිලියන දහනවයක්ද වියදම් කිරීමට ඇස්තමේන්තු ගතකර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව,75 වන නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසේ සමරු කාසි දහසක් නිකුත් කිරීමට නියමිතය. සමරු කාසි නිකුත් කිරීම සඳහා මහ බැංකුව ඉල්ලා තිබෙන මුදල රුපියල් මිලියන විසි දෙකකි. මෙම සමරුකාසිවලින් දෙකක් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට නොමිලේ දීමට නියමිතය.

එමෙන්ම, නිදහස් උත්සවයට පැමිණෙන පිරිස වෙනුවෙන් තාවකාලිකව සකස් කරන කුටි (හට්) සඳහා යකඩ බට, තහඩු සහ සවිකරන ගාස්තුද ඇතුළුව වියදම රුපියල් මිලියන හතළිහකි.

මීට අමතරව නිදහස් උත්සවයේ ජාතික ගීය ගායනා කිරීමේ කටයුතු සඳහා ළමුන් පුහුණු කිරීම ඇතුළුව ප්‍රවාහන, රූපලාවණ්‍ය කටයුතු, ආහාර පාන ඇතුළු සියලු වියදම රුපියල් මිලියන දාහතක් ගණන් බලා තිබේ.

ජාතික ගීත ගායනා කිරීම සඳහා කොළඹ අවට පාසල් දහයක ළමුන් 115 ක් සම්බන්ධ කර ගැනීමට නියමිතය.

පළමු අගමැති අභාවප්‍රාප්ත ඩී.එස්.සේනානයක ගේ පිළිරුවට පලඳවන මල් මාලය සඳහා පමණක් රුපියල් අනූහත්දහස් පන්සියයක් වැය වන බවද ජනාධිපතිවරයා කීවේය. මේ අතර නිදහස් උත්සවයේ වියදම් අඩු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අනුව වියදම අඩු කිරීම සඳහා කොළඹ අවට පාසල් වලට තිබෙන බස් යොදාගෙන ළමුන් නිදහස් උත්සවය පැවැත්වෙන භූමියට රැගෙන එන ලෙසත් ළමුන්ගේ රූපලාවණ්‍ය වියදම් ආදිය පාසල්වලින්ම දරා ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී ඇත.

කෙසේ නමුත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් වසරේ (2022) නිදහස් උත්සවය සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 200 කි.

මේ අතර නිදහස් උත්සවය නිමිත්තෙන් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට සැලසුම් කර තිබුණි. මේ සඳහා චීනය, බුරුමය සහ ඉන්දියාව යන රටවල්වලින් සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමට සැලසුම් කර තිබුණත් එය නතර කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. ඊට හේතු වී ඇත්තේ ධාතූන් වහන්සේලා වැඩම කරවීම සඳහා රුපියල් කෝටි පනහකට අධික මුදලක් වැයවීම බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදහස් දින උත්සවයේදී ආරක්ෂක අංශ විසින් පවත්වන පාබළ හමුදා පෙළපාළිය ගුවන් යානා සංදර්ශන, යුද ටැංකි ප්‍රදර්ශන සහ ඉන්ධන ඇතුළු අනෙකුත් වියදම් සඳහා වැයවන මුදල කොතෙක්දැයි අනාවරණයවී නැත. වීරවිල, අනුරාධපුර, හිඟුරක්ගොඩ, පලාලි ආදී ගුවන් හමුදා කඳවුරුවල ගුවන් යානා යොදාගෙන දැවැන්ත ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

No comments

Ads Place