Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ පුරපති සටන උණුසුම් වෙයි – රෝසි වැට උඩ – මුජිබර් පාර්ලිමේන්තු මන්ත්‍රීකම අතහැර තරගයට – මාලිමාවෙනුත් පිරිසක් – නිදහස් ජනතා සන්ධානයෙනුත් කණ්ඩායමක්

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා මෙවර උණුසුම් තරගයක් නිර්මාණය වෙමින් තිබෙන බව වාර්තා වේ. මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්...



පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා මෙවර උණුසුම් තරගයක් නිර්මාණය වෙමින් තිබෙන බව වාර්තා වේ.

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව සජබ නගරාධිපති අපේක්‍ෂක තරගයට පිවිස ඇති අතර, කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරු දැරූ එම්. එච්. මන්සිල් මහතා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වී තිබේ.

නිදහස් ජනතා සන්ධානයේ හෙලිකොප්ටරය ලකුණ යටතේ ද කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වන අතර, ජාතික ජනබලවේගය පක්‍ෂයද කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නගරාධිපතිනිය ලෙස කටයුතු කරන රෝසි සේනානායක මහත්මියට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණ නැති බවද සදහන් ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වූ හිටපු ඇමැතිවරයකු වූ ෆයිසර් මුස්තාපා මහතාද මෙයට ඉදිරිපත්වීමට නියමිත බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

No comments

Ads Place