Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆේල් වෙන භානුකලා කණ්ඩායමෙන් නොසෙල්වීම ගැන ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයන් විමතියෙන්…

  එල්.පී.එල් තරගාවලියේ දී ඉහළින්ම ලකුණු අතර සිටි ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා නොදී පසුගිය වකවානුවේ  දිගටම තරග අසාර්ථක වෙමින් සිටින භානුක රාජපක...

 


එල්.පී.එල් තරගාවලියේ දී ඉහළින්ම ලකුණු අතර සිටි ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා නොදී පසුගිය වකවානුවේ  දිගටම තරග අසාර්ථක වෙමින් සිටින භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වී තිබීම සම්බන්ධ ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයෝ ප්‍රශ්න කර සිටිති.

ඉන්දියාව සමග පැවති පළමු විස්සයි 20 තරගය ලකුණු 02කින් පරාජය වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ් යෝජනා කරන්නේ පසුගිය වකවානුවේ කැපී පෙනෙන දස්කම් නොදැක්වූ භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා වෙනුවට සධීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැඳවීම සුදුසු බවය.

භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා පසුගිය කාලයේ දැඩි අසීරුතාවකට පත්වූ බව රසල් ආනල්ඩ් ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.

භානුක රාජපක්ෂ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී දුර්මුඛ වූ  අතර තරඟාවලියේ අවසාන භාගයේදී ධනංජය ද සිල්වාට “යාපනය කිංග්ස් XI “ කණ්ඩායමේ ස්ථානයද අහිමි විය.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වූ නුවන් තුෂාර නොමැතිවීම පිළිබඳව ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චොප්රා ද ප්‍රශ්න කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් හොඳ ක්‍රීඩා කාලයකින් පසු යහපත් රිද්මයකට එකකින් පැමිණ ඇති බව LPL බැලූ අය දන්නවා. තුෂාර ක්‍රීඩා නොකිරීම ගැන මට පුදුමයි,” චොප්රා කීවේය.

No comments

Ads Place