Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවස...


75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.


ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි.


පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් (පෝස්ට්) විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments

Ads Place