Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට කෑලිවලට කඩන්න දෙන්නේ නෑ…නෑ…නෑ මයි – පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

  13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට දරන උත්සාහය පිළිබදව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ තම දැඩි විරෝධය පළ කරති. හිටපු ජන...

 



13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට දරන උත්සාහය පිළිබදව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ තම දැඩි විරෝධය පළ කරති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(27) අභයාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ මෙම විරෝධය පළ කළ අතර, එහිදී උන්වහන්සේ සදහන් කර සිටියේ 13 වැනි සංශෝධනය තුළින් රට කෑලිවලට කැඩීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ,

“අපේ තාත්තා මේ රට…අපේ අම්මා බුදු හාමුදුරුවෝ…ඒ හින්දා හැම තැනම හැම දාම කිව්වා වගේ සම්බුද්ධ ශාසනය කසායක් නම් මේක විතරයි එකම මුට්ටිය, මේ රට විතරයි එකම මුට්ටිය, ඒක දරාගෙන ඉන්න.

ඒක දෙකට කඩලා, ඒක තුනට කඩලා, 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් හෙටත් නැගිටින්න ලෑස්තියි හාමුදුරුවරු.

ඒක නිසා මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා කළොත්, ඒකත් දේශපාලනය කියනවා නම්, කමක් නැහැ. තාත්තා රැකගැනීම උදෙසායි ඒ සියල්ල කරන්නේ…“

No comments

Ads Place