Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨාට මහින්දට කැනඩාවේ සම්බාධක උගුල අටවා ඇත්තේ කැනඩා පාර්ලිමේන්තුවේ සයස්පෝරා මන්ත්‍රීවරයෙක්

  හිටපු ජනපතිවරුන් දෙදෙනකුවන මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ යන අයට හා හමුදා නිලධාරීන් දෙදෙනකුට කැනඩාවෙන් සම්බාධක පනවා ඇත්තේ කැනඩා මන්ත්‍...

 


හිටපු ජනපතිවරුන් දෙදෙනකුවන මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ යන අයට හා හමුදා නිලධාරීන් දෙදෙනකුට කැනඩාවෙන් සම්බාධක පනවා ඇත්තේ කැනඩා මන්ත්‍රී ගැරී ආනන්ද සංගරිගේ දැඩි බලපෑම නිසා බව අනාවරණය වේ.

හිටපු ජනපතිවරුන් දෙදෙනාට සම්බාධක පැනවීමට පෙර ගැරී ආනන්ද සංගරි විසින් එසේ සම්බාධක පනවන ලෙස කැනඩා රජයෙන් ඉල්ලා තිබූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ හමුදාව එල්ලක්‍ෂ හතළිස් හයදහස් පන්සියයක ද්‍රවිඩ ජනතාවක් මරා දැමූබවට කැනඩා පාර්ලිමේන්තුව ලවා සමූල ඝාතන පනතක් සම්මත කර ගැනීමට හා සිංහලයන් විසින් ද්‍රවිඩ ජාතිකයන් සමූල ඝාතනය කළ බවට තොරතුරු කැනඩා අධ්‍යාපන ග්‍රන්ථවලට ඇතුළත් කිරීමට ක්‍රියා කළේ ද මෙම පුද්ගලයා විසින් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.

කැනඩාව විසින් මෙරට හිටපු ජනපතිවරුන් දෙදෙනාට එරෙහිව මෙම සම්බාධක පනවන තුරුම කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දීමක් සිදුකර නොතිබූ බව ද වාර්තා වේ.

No comments

Ads Place