Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරලට බුදුපිළිම රැසක් සමග යාත්‍රාවක් ගොඩගසයි, ඉන්දියාව වැඩිදුර පරීක්ෂණ අරඹයි

  ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරල තීරයට 18 දින බුදුපිළිම රැසක් සමගින් මණ්ඩපයක් මෙන් සැකසූ යාත්‍රාවක් ගොඩගැසීම හේතුවෙන් එහි ධීවර ජනතාව නොසන්...

 


ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරල තීරයට 18 දින බුදුපිළිම රැසක් සමගින් මණ්ඩපයක් මෙන් සැකසූ යාත්‍රාවක් ගොඩගැසීම හේතුවෙන් එහි ධීවර ජනතාව නොසන්සුන් වී ඇතැයි වාර්ථා වෙයි.

අදාල බුදුපිළිම සහිත යාත්‍රාව ශ්‍රීලංකාවේඋතුරු ප්‍රදේශයේ සිට ගසාගෙන එන්නට ඇත්දැයි යන්න පිලිබඳවද ප්‍රදේශයේ ධීවර ජනතාවට සැක පහල වී ඇත.

රාමේෂ්වරම් තංගච්චිමඩම්, අන්තොනියර් පුරම් මුහුදු වෙරල තීරයට මෙලෙස මෙම යාත්‍රාව ගොඩගසා තිබුණු අතර පසුව ඒ පිළිබඳව ප්‍රදේශයේ ධීවරයින් පොලීසියට හා වෙරලාරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබුණි.

පොලීසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී යාත්‍රාව තුල විවධ ප්‍රමාණයන්ගෙන් යුත් බුදු පිළිම රැසක් හිඳුවා තිබූ අතර එය කුම් හේතුවෙන් නිර්මාණය කරන්නට ඇත්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැත.

කෙසේ වෙතත් එරට වෙරලාරක්ෂක නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවෙන් හෝ මියන්මාරයෙන් මෙම බුදුපිළිම සහිත යාත්‍රාව පැමිණෙන්නට ඇති බවටත් එලෙස ගසාගෙන ඒමට හේතුව පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටත්ය.


– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments

Ads Place