Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රීඩා සංගම් කූඩැල්ලන්ගෙන් ක්‍රීඩා ඇමතිට අලුත් වටයකින් ප්‍රහාරයක් ඇරඹිලා

මීළඟ කැබිනට් සංශෝධනයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඉන් ඉවත් කර රජයට එක්වෙන ජීවන් තොණ්ඩමන්ට ක්‍රීඩා ඇමතිධූරය පිරිනැමෙනු ඇතැයි රාවයක් මේ දිනවල...



මීළඟ කැබිනට් සංශෝධනයේදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඉන් ඉවත් කර රජයට එක්වෙන ජීවන් තොණ්ඩමන්ට ක්‍රීඩා ඇමතිධූරය පිරිනැමෙනු ඇතැයි රාවයක් මේ දිනවල පැතිර යමින් පවතී.

මෙම රාවය යවන පිරිස අතර වැඩි පිරිසක් රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයා විසින් පසුගියදා ගැසට් පත්‍රයකින් පනවන ලද රෙගුලාසි වලට අනුව වසර ගණනක් ක්‍රීඩා සංගම් වල තනතුරු දරමින් සිට ඒ අනුව යළි තරග වැදීමට නොහැකි අය බව වාර්තා වේ.

ක්‍රීඩා ක්ෂෙත්‍රයට කිසිදු සම්බන්ධතාවක් නොමැති ජීවන් තොණ්ඩමන්ගේ නම යවන්නේ එවැනි අයකු පත් කර ගත්තොත් එම රෙගුලාසි ඉවත් කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවද වාර්තා වේ.

මෙතෙක් ක්‍රීඩා සංගම් වල වසර ගණනක් මුළුල්ලේ වෙනත් අයට ඒමට ඉඩ නොදෙමින් කූඩැල්ලන් මෙන් එල්ලී සිටි බොහෝ දෙනෙකුට නව රෙගුලාසි යටතේ තරග කළ නොහැක.

වයස අවුරුදු 70ට වැඩි අයට , මීට පෙර දූෂණ චෝදනා වලට ලක්වූ අයට, පිට පිට දෙවතාවක් වසර හතරක් සභාපති ධූර දැරූ අයට හා වසර අටක් විවිධ තනතුරු දරමින් සිටි අයට මෙම නව රෙගුලාසි අනුව නිලවරණ වලට ඉදිරිපත් විය නොහැක.

මීට අමතරව ක්‍රීඩා සංගම් නිලවරණ වලට ඉදිරිපත්වන්නන්ට වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දීමද අනිවාර්ය වේ.

මෙලෙස යළි තරග වැදීමේ අවස්ථාව අහිමි වන වැඩි පිරිසක් ක්‍රිකට්, පාපන්දු,රග්බි, වූෂු, මලල ක්‍රීඩා, බොක්සිං, ජාතික ඔලිම්පික් කමිටුව යන ක්‍රීඩා සංගම් වලට අයත් නිලධාරීන් වේ

No comments

Ads Place