Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෝරාගත් පලාත් පාලන ආයතනවල ඡන්ද සටනට එජාපයත් පොහොට්ටුව ලකුණින් ?

  ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව සමග එක්වන පොදු සන්ධානයකින් මෙන්ම තමන්ගේ ඡන්ද පදනම සහිත ස්ථානවල එක්සත් ජාතික පක්ෂය ...

 



ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව සමග එක්වන පොදු සන්ධානයකින් මෙන්ම තමන්ගේ ඡන්ද පදනම සහිත ස්ථානවල එක්සත් ජාතික පක්ෂය ලෙසින් තරග වැදීමට තීරණය කර තිබේ.

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කළේ අනෙක් දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව පොහොට්ටුව ලකුණින් තරග වැදීමට තමන් අපේක්ෂා කරන බවය.

කෙසේ වෙතත් එක්සත් පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ හෙට (04) සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත පත් කළ නායකත්ව මණ්ඩලයක් මගින් මෙම සියලු අපේක්ෂකයින් තෝරා ගන්නා බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

තරුණයින් සහ කාන්තාවන් සඳහා වැඩි අවස්ථා ලබා දෙමින් නියෝජන තෝරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය විසින් එම තේරුම් මණ්ඩලයට උපදෙස් ලබා දී ඇතැයි ද පැවසේ.

No comments

Ads Place