Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබුණා – විදුලි බල හා බලශක්ති ඇමති…

  විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිවැයට අනුරූප විදුලි ගාස්තුවක් ක්‍රියාත...

 



විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිවැයට අනුරූප විදුලි ගාස්තුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 

ඔහු පවසන්නේ  විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බවය.

ගාස්තු ඉහළ දැමීම පෙබරවාරි 15 ​​වැනිදා දක්වා කමිටුවක් මගින් සමාලෝචනය කෙරෙන බව වාර්තා වේ.  මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාවක් අද සවස ලැබුණු බවය.

කෙසේ වෙතත් මිල සංශෝධනයක් සිදුනොවන බවත්, විදුලිබල සඳහා මිල සූත්‍රයකට අනුමැතිය ලැබුණු බවත් අද සවස්වන විට වාර්තා වි තිබිණි.

No comments

Ads Place