Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර නොලැබෙයි

  ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල...

 



ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති පර්යේෂණ දත්ත අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බව ඇය පවසා ඇත. 

සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව අනුව 2021 ඔක්තෝබර් මාසයේ සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා යුරෝපයෙන් කුරුළු උණ වසංගත අවස්ථා 2,500 ක් වාර්තා වී ඇති අතර එම වාර්තාව වැඩිදුරටත් දක්වන්නේ 2006 වසරේ සිට වරින් වර ඉන්දියාවෙන් කුරුළු උණ වසංගත තත්ත්ව වාර්තා වී ඇති බවය.

2022 ඔක්තෝබර් 16 වැනිදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් කුරුළු උණ වංසගතය වාර්තා වී ඇති අතර එය තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 

කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුවේම සත්ත්ව සංවර්ධන උපදේශකවරු පවසන්නේ මානූෂිය කරුණක් සේ සලකා බිත්තර ආනයනයට අවසර දිය යුතු බවය

No comments

Ads Place