Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහරගම පිලිකා රෝහලේ ඖෂධ නෑ..ජනතාවගෙන් ආධාර ඉල්ලයි..

  මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති බවත්, එම ඖෂධ ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන් පරිත්‍යාග ඒකකයේ 07...

 



මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති බවත්, එම ඖෂධ ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන් පරිත්‍යාග ඒකකයේ 0777 – 468503 යන දුරකථන අංකයට අමතන ලෙසත් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛi අරුණ ජයසේකර මහතා ඉල්ලා සිටී.

වැඩිහිටි හා ළමා රෝගීන් 800 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පවසයි. මෙහිදී තවදුරටත් කතා කළ වෛi අරුණ ජයසේකර මහතා මෙසේද කියා සිටියේය.

‘රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ හිඟයි. හිඟ ඖෂධ මොනවාද කියා රෝහලේ පරිත්‍යාග ඒකකයට කතා කරලා දැනගන්න පුළුවන්. එම ඒකකය සෑම දිනකම උදේ 8.00 සිට සවස 4.00 දක්වා විවෘතයි. මේක සංවේදී තැනක්. රෝහලට උදව් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා’


– divaina

No comments

Ads Place