Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දට – ගෝඨාට කැනඩාවට පය තැබීමත් තහනම් කරයි!

  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට කැනඩාව වෙත ඇතුළුවීම සපුරා තහනම් කරමින් කැනඩා රජය විසින් දැඩි සම්බාධ...

 


ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට කැනඩාව වෙත ඇතුළුවීම සපුරා තහනම් කරමින් කැනඩා රජය විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ කැනඩාවට ඇතුළුවීම පමණක් නොව,  කැනඩාවේ කිසිදු ව්‍යාපාරයක් කිරීම තහනම් කිරීම මෙන්ම කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි සියලුම වත්කම් තහනම් කමින්, මෙම සම්බාධක පනවා ඇති බවය.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා හෝ ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධව කැනඩා රජයට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කැනඩාවේ විදේශ ඇමතිනී මෙලනි ජොලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ “මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙකුට එරෙහිව කැනඩාව සම්බාධක පනවා ඇති බවය.

“මෙම සම්බාධක මගින් පැහැදිලි පණිවිඩයක් ප්‍රකාශිතයි: කැනඩාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ අයට අඛණ්ඩ දණ්ඩමුක්තිය පිළිගන්නේ නැත.”

“1983 සිට 2009 දක්වා සිදු වූ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝනය කළ පහත සඳහන් පුද්ගලයන්ට එරෙහිව කැනඩාව සම්බාධක පනවයි,”

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක (ශ්‍රී ලංකා යුද හමුදාව)

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකා නාවික හමුදාව)

කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙම දිගුවෙන් බලා ගත හැකිය. – 

https://www.canada.ca/en/global-affairs/news/2023/01/sanctions-imposed-on-sri-lankan-state-officials.html

No comments

Ads Place