Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කර හිටපු හමුදාපති මහේෂ් සේනානායක පත්කිරීමට යෝජනාවක්

  ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුරට හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක මහතා පත්කිරීමට ආණ්ඩුව සැරසෙන බව ආණ්ඩුවේ ...

 


ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුරට හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක මහතා පත්කිරීමට ආණ්ඩුව සැරසෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

‘අරගලය‘ මැඩපැවැත්වීමට නිසි පියවර නොගැනීමේ චෝදනාව යටතේ ඔහු ධුරයෙන් ඉවත් කිරීම සාධාරණීයකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මීට පෙර රටින් පැනගිය හිටපු ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා තම සමීපතමයින් සමග අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔහුව පාවාදුන් බවය.

එය සත්‍යයක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පුටුවේ වාඩිවීමට පාරකපා ඇත්තේ ඔවුන් දෙපළය.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට යුද අපරාධ චෝදනා පෙන්වා මානසික බාධක පැනවීමට ඇමරිකානු තානිපතිනිය ක්‍රියා කළ බවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ද චෝදනා කරනු ලැබූහ.

No comments

Ads Place