Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගත්ණය ගෙවීම දවසක් පරක්කු වුණොත් ඉවරයි..බැංකුවලින් වැඩි පොලී අය කර ගන්න කෙළියක් !

  පසුගිය කාලයේ ස්ථාවර පොලී අනුපාත මත පෞද්ගලික ණය සහ දේපළ ණය ලබා ගත් පුද්ගලයන් ගේ ණය වාරිකය එක් දිනකින් හෝ ප්‍රමාද වුවහොත් ඔවුන්ගේ ණය වාරිකය ...

 


පසුගිය කාලයේ ස්ථාවර පොලී අනුපාත මත පෞද්ගලික ණය සහ දේපළ ණය ලබා ගත් පුද්ගලයන් ගේ ණය වාරිකය එක් දිනකින් හෝ ප්‍රමාද වුවහොත් ඔවුන්ගේ ණය වාරිකය මත සියයට 15.5ක් ඉක්මවූ පොලී අනුපාතයක් අය කිරීමට මේ වනවිට බැංකු කටයුතු කරන බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ තත්ත්වය හේතුවෙන් මෙලෙස ණය වාරිකය ගෙවීම දිනකින් හෝ ප්‍රමාද වූ අයට සාමාන්‍යයෙන් ගෙවිය යුතු වාරිකයට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවක සේවිකාවන්ට මෙය මහත් පීඩාවක්ව ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සාමාන්‍යෙයන් පසුගිය කාලය තුළ මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ණය ලබා ගැනීමේද වාර්ෂික ණය පොලී අනුපාතිකය සියයට 10ට අඩු මට්ටමක පැවතී අතර ණය ලබා ගැනීමේදි ස්ථාවර පොලි අනුපාත යටතේ ණය ලබා ගත් ණය අයදුම්කරුවෝ බොහොමයක් සිටිති.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවල යෙදෙන ඇතැම් පුද්ගලයන්ගේ මෙම ණය සිය වැටුපින් නියමිත දිනයේ අඩු කර ගැනෙන අතර ඇතැම් පුද්ගලයන් ස්ථාවර නියෝග හෝ වෙනෙත් ක්‍රම මඟින් සිය ණය වාරික ගෙවති. පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ බැංකුවල ණය සේවාකරණ මූල්‍ය වියදම්ද වැඩිව ඇති පසුබිමක් තුළ බැංකු ක්ෂේත්‍රය ගණන් බලා ඇත්තේ පවතින පොලී අනුපාතිකවලට සාපෙක්ෂව ණය පොලී අනුපාතිය Average Weighted Lending Rate ) එනම් සාමාන්‍යයෙන් ණය සේවාකරණය සඳහා වැය වන පොලී අනුපාතිකය සියයට 15ක් පමණ වන බවයි.

මේ හේතුව නිසා එක් දිනක් හෝ ප්‍රමාද වන ණය වාරික සඳහා මෙම පිරිවැය ආවරණය වන ලෙස සියයට 15.5ක අවම පොලියක් අය කර ගැනීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප්‍රධානීන් එකඟත්වයකට පැමිණ ඇති බවත් මේ සඳහා මහ බැංකුවෙන් අනුමැතිය හෝ උපදෙස් ලබා ගෙන නැති බවත් මූල්‍ය වෙළෙඳපොල අරංචි මාර්ග සඳහන් කරයි.

අවම අනුපාතය සියයට 15.5ක් වුවද බොහෝ ප්‍රමාද වන ණය සම්බන්දයෙන් සියයට 21ත් 22ත් අතර පොලියක් මත ණය වාරික අය කර ගන්නා බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍යෙයන් සියයට 9ක වාර්ෂික පොලිය යටතේ රුපියල් ලක්ෂ 5ක් මුදලක් ලබා ගත් අයකුට සාමාන්‍යයෙන් ගෙවීමට ඇති රුපියල් 10309.18 ණය වාරිකය ගෙවීම දිනකින් හෝ මඟ හැරුනොත් රුපියල් 12667ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇත

No comments

Ads Place