Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පණිවිඩකරුවාට වෙඩි තැබීම හෙළා දැකිය යුතුයි – සෞඛ්‍ය සේවාවල පිරිහීම සැඟවීම වරදක් – ජාතික සංවිධාන කියයි

  සෞඛ්‍ය සේවාවේ සුළු සේවකයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පිළිබදව අදහස් දැක්වූ පරිපාලන වෛද්‍යවරයකු වූ රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව දියත්වූ විර...

 



සෞඛ්‍ය සේවාවේ සුළු සේවකයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පිළිබදව අදහස් දැක්වූ පරිපාලන වෛද්‍යවරයකු වූ රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව දියත්වූ විරෝධතාවයේ සාධාරණත්වය පිළිබදව ලංකා ලීඩ්, ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ ඒ පිළිබදව අදහස් දැකවූ එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ සමහර මතවාද සමග අපි එකග වන්නේ නැහැ. ඒත් මහා සමාජය වෙලාගන්නා බරපතළ අර්බුදයක් සෞඛ්‍ය පද්ධතිය තුළට ඇතුළුවීම පිළිබදව ඔහු නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම අපි අගය කරනවා.

වෘත්තීය සමිති හෝ බලධාරීන් කළ යුත්තේ පණිවිඩකරුවාට වෙඩිතැබීම නොව අදාළ හෙළිදරව්ව පිළිබදව පරීක්ෂණ පවත්වා නිසි පියවර ගැනීමයි. ඒ වෙනුවට පණිවිඩකරුවාට වෙඩි තැබීම බරපතළ අසාධාරණයක්. සමස්ත සමාජයම ඊට එරෙහි විය යුතුයි.

සෞඛ්‍ය වේවාව තුළ පවතින පිරිහීම එතරම් බරපතළ නම් සෙසු සේවා ගැන කතා කරලා වැඩක් නැහැ. සෞඛ්‍ය ඇමැතිට කොන්ද පණ තිබේ නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෘද සාක්ෂියක් තිබේ නම් මේ ප්‍රශ්නය පොරොවෙන් කපන්න තියන්නේ නැතුව නියපොත්තෙන් කඩා දමන්න ඕනෙ.

වෘත්තීය සමිතිවල බලහත්කාරයට සෞඛ්‍ය නිලධාරීන් යටත් වුවහොත් මහජන සෞඛ්‍ය අනතුරට වැටෙනවා“

No comments

Ads Place