Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රි ලංකාව බේරෙන්නේ දුන්නු ණය අවලංගු කළොත් පමණයි ! – ද ගාඩියන්

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් එම රටට ණය ලබා දුන් ණය සම්පූර්ණයෙන්ම අවලංගු කළ යුතු බවත් එවැනි පියවරක්...




ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් එම රටට ණය ලබා දුන් ණය සම්පූර්ණයෙන්ම අවලංගු කළ යුතු බවත් එවැනි පියවරක් ගතහොත් එය ණය අර්බුදයෙන් මිදීම සම්බන්ධයෙන්  ලෝකයටම පාඩමක් උගන්වන සිද්ධියක් වනු ඇති බවත් ලෝකයේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යා විද්වතුන් 182ක් ඒකාබද්ධව සිය මතය පළ කර ඇති බව ද ගාඩියන් වෙබ් අඩවිය පවසයි.

බ්‍රිතාන්‍යයේ  පළවන ගාඩියන් පුවත්පතේ වෙබ් අඩවියට  මේ මතය පළ කර ඇති මෙම විද්වතුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති ලෝකයේ ප්‍රබල අරමුදල් සහ ආයෝජකයන් ශ්‍රි ලංකාව  ප්‍රකාශයට පත් කර ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණ යෝජනා හමුවේ දැඩි සථාවරයක සිටින බවයි. මේ තත්ත්වය තුළ ඩොලර් බිලියන 51ක ණය ආපසු ගෙවීම පැහැර හැරි ශ්‍රි ලංකාව දැඩි අර්බුදයකට  මුහුණ දී ඇති බවත් එයින් මිදීමට නම් මෙලෙස ණය අවලංගු කිරීමක් කළ යුතු බවටත් ඔවුන් අවධාරණය කර ඇත.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මෙම මතය පළ කළ ඩෙබ්ට් ජස්ටිස් (Dbt Justice) නම් සංවිධානය නියෝජනය කරන ලෝක ප්‍රකට ආර්ථික විද්‍යා  විද්වතුන් අතර ඉන්දියානු ආර්ථික විද්‍යාඥවරියක  වන මහාචාර්ය ජයති ගොෂ් , පිටපත් මිලියන ගණනින් අලෙවි වන වන ආර්ථික විද්‍යා ග්‍රන්ථ රචකයකු වන තෝමස් පිකටි, ග්‍රිසියේ හිටපු මුදල් අමාත්‍ය යානිස් වරුෆාකිස්ද ඇතුළත් වන බව ද ගාඩියන් පවසයි.

“ශ්‍රී ලංකාවේ ණය සාකච්ඡා දැන් පවතින්නේ තීරණාත්මක අවධියක . ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ පුද්ගලික  ඇතුළු ශ්‍රි ලංකාවට ණය ලබා දුන් සෑම පාර්ශ්වයක්ම  නුදුරු කාලීනව අතිරේක මූල්‍යකරණය සහතික කිරීම සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ බර බෙදා ගත යුතුයි. එවැනි ණය දෙන්නන් ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දීමට වාරිකයක් අය කළ අතර, එමඟින් ඔවුන් විශාල ලාභයක් උපයා ගත්තා. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු වරට ණය පැහැර හැරීම සඳහා මේ අවදානම් ආවරණය කිරීමේ  ඉහළ පොලී අනුපාතයන්ද වගකිව යුතුයි. මෙලෙස  ඉහළ ප්‍රතිලාභවලින් ප්‍රතිලාභ ලැබූ ණය දෙන්නන් කැමැත්තෙන් එහි අවදානම ගත යුතුයි. ”

ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය තොගයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතුබවය.  බොහෝ දුරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආකාරයෙන් ඉහළ පොලී අනුපාත මත මෙම ණය ලබා දී ඇති අතර මේ වනවිටත් ඔවුන් මෙම  ණය ගෙවීම්වලින් 50% කට වඩා ලබා ගන්නා බවයි.

මේ වනවිට ශ්‍රි ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය ලබා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසාර බව විශ්වාස කළ පසුව පමණක් බවත් පවසන මෙම ආර්ථික විද්‍යාඥයෝ පෞද්ගලික ණය හිමියන් විසින් මේ වනවිට අනුගමනය කරනු ලබන  දැඩි ස්ථාවරය කොළඹට දුර්වල ගනුදෙනුවක් වනු ඇති බවට බිය පළ කරයි.

No comments

Ads Place