Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන බැංකුවක් ශ්‍රී ලංකාවේ සහායට එයි

  චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙ...

 


චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.


ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක් ලබාගැනීමට චීනයේ සහාය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක ද රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සාකච්ඡා රහසිගතව පැවතීම හේතුවෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවය.

චීනය සහ ඉන්දියාව මෙරටට ණය ලබාදුන් ප්‍රධානතම රටවල් දෙක වන අතර ඔවුන්ගේ එකඟතාව හිමිවීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම පිළිබද සිය එකඟතාව පළකිරීමට නියමිත බව සදහන් ය.

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බවයි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට බොහෝ දුරට සාර්ථක වී ඇති බවය.

ඉන්දියාව මේ වන විටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහාය පළකර ඇති අතර චීනය ද ඒ සඳහා එකඟතාවට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.

No comments

Ads Place