Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු අටමස්ථානාධිපති හිමි පරිහරණය කළ සුඛෝපභෝගී ජිප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙක් අධිකරණයට…

  හිටපු අටමස්ථානාධිපති, අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ව පියෙක් ලෙස රැක බලා ගත්තේ තමන් බවත්, උන්වහන්සේ සහ තමන් අතර ඇති බැඳීම 1...

 



හිටපු අටමස්ථානාධිපති, අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ව පියෙක් ලෙස රැක බලා ගත්තේ තමන් බවත්, උන්වහන්සේ සහ තමන් අතර ඇති බැඳීම 19 වසරකට එපිට ඉතිහාසයකට දිවෙන බවත් කියන අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක් හිටපු අටමස්ථාන හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සම්කාර ව්‍යාපාරිකයා සිය පෙත්සම මගින් අධිකරණයට පවසන්නේ සිරිනිවාස හිමියන්ගේ වාහන තම නිවසේ රඳවා තැබීම උන් වහන්සෙගේ කැමැත්ත සහ පුරුද්ද බවට පත්ව තිබූ බවය.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින්නේ අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙක් සහ අටමස්ථාන කාරක සභාවය.

මෙම වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් අධිකරණය සිතාසි නිකුත් නිකුත් කර ඇත.

No comments

Ads Place