Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි කොළඹ බලය අල්ලනව .. නිවාස දෙනව.. රැකියා දෙනව - අරගල ක්‍රියාකරු දනිෂ් අලි

   ඉදිරි මැතිවරණය සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් තරග වදින බව ගාලුමුවදොර අරගලයෙහි ඉදිරිපෙල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ දනිෂ් අලි සඳහන් කරයි. කොළ...

  



ඉදිරි මැතිවරණය සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් තරග වදින බව ගාලුමුවදොර අරගලයෙහි ඉදිරිපෙල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ දනිෂ් අලි සඳහන් කරයි.

කොළඹ සුදර්ශී ශාලාවේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කොළඹ නගර සභාවේ බලය අල්ලි සියලු දෙනාට නිවාස රැකියා ලබා දෙන බවයි.

මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ‘කොළඹ අල්ලමු වෙනස් කරමු’ යන මැයෙනි.

එහිදී දනිෂ් අලි තවදුරටත් කියා සිටියේ පසුගිය අරගල කාලයේදී කොළඹ සියලු මන්දිර අත්පත් කරගෙන පෙන්වා අවසන් බවයි. එනිසා එහි දේශපාලන බලය අත්පත් කරගෙන කොළඹ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place