Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සේපාල කළ දේශපාලන ව්‍යාපෘතිය ගැන ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසියට කියති!

  දළදා වහන්සේට අපහාස කළ පුදගලයා නිරාගමිකයෙක් නොවන්නේ ඇයි... ධම්මානන්ද හිමියෝ පැහැදිලි කරති.... මේවා දේශපාලන ව්‍යාපෘති… මෙච්චරකල් ලජ්ජාවෙන් ම...

 


දළදා වහන්සේට අපහාස කළ පුදගලයා නිරාගමිකයෙක් නොවන්නේ ඇයි... ධම්මානන්ද හිමියෝ පැහැදිලි කරති....


මේවා දේශපාලන ව්‍යාපෘති… මෙච්චරකල් ලජ්ජාවෙන් මූණ වහන් හිටි අයට දැන් බුද්ධාගම බේරගන්න අවස්ථාවක් හැදිලා… පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි!


දළදා මාළිගාවට අපහාස කළ පුද්ගලයා නිරාගමිකයෙක් නොවන බවත්, ඔහු විසින් සිදුකර ඇත්තේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි තමන් විශ්වාස කරන බවත් පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසි ලෝක සේවය සමග අදහස් දක්වමින් පවසති.  

රට තුළ මෙවැනි ව්‍යාපෘති මතුවන්නේ මැතිවරණ මුවවිට තබාගෙන බව පෙන්වා දෙන උන්වහන්සේ මෙතුවක් කල් එළි බැසිය නොහැකි සේ සැඟවී සිටි දේශපාලකයින්ට දැන් බුද්ධාගම බේරා ගැනීම සඳහා සටන්  කිරීමට එළියට බැසීමේ මාවත නිර්මාණය වී ඇති බව පෙන්වා දෙති.  උන්වහන්සේ දක්වන්නේ මේ ප්‍රකාශ නිසා රට තුළ කැළඹීමක් ඇති නොවන බවත්, සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳ කළ සාෆිගේ සිද්ධිය සේ මැතිවරණයෙන් පසු මෙය හැකිළි යනු ඇති බවය.


ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසිය වෙත මේ තත්ත්වය පැහැදිළි කරන්නේ  මේසේය.


“නිරාගාමික කියන අදහස දරණ අය ගොඩක් ඉන්නවා. පරම්පරාවක්. නිරාගමික කියන්නේ තමන් ආගමක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් පෙන්වන්නේ නැති අය.”


“මම දකින්නේ මේක තරුණ පරම්පරාව අතරේ නිරාගමික ප්‍රවණතාවට වඩා වෙනස් දෙයක් හැටියට. නිරාගමික කියන අදහස දරණ මිනිස්සු ආගම්වලට විරුද්ධ නැහැ. ඒ විතරක් නෙමෙයි. ලෝකේ ඕන තැනක බලන්න ඒ අය හරි සදාචාර සම්පන්නයි.”

උන්වහන්සේ පෙන්වා දුන්හ.


“නමුත් දැන් මේ වෙලාවේ මේක ඊට වඩා වෙනස්. මේවා බොහෝ දුරට මම හිතන්නේ දේශපාලන කාරණා කියලා. බරපතල විදිහට ආගමට හතුරුකම් පෙන්වමින්, බැන වදින පිරිස කරන්නෙත් නිරාගමික ලෙස පෙනී සිටමින් දේශපාලන වැඩපිළිවෙළකට අවශ්‍ය පසුබිම හදන එක. ඒ නිසා මේ වෙලාවේ අත්අඩංගුවේ ඉන්න කෙනා ගැන වුණත් මම හිතන්නේ එයා නිරාගමික කියන පිරිසට අයිති කෙනෙක් හැටියට නෙමේ.”

අපේ රටේ සාමාන්‍යයෙන් බොහෝ දේවල් සිද්ධ වෙන්නේ ඡන්ද එක්ක. මේ වෙලාවේ ප්‍රාදේශීය සභා ඡන්දය එන්න පුලුවන්. එතකොට ආයිත් බුද්ධාගමටයි, අරකටයි මේකටයි. හතුරෝ ඇවිදින්, ඔන්න ඒ පාර බුද්ධාගම බේර ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔන්න අර බුද්ධාගම බේර ගනීමේ වීරයන් සියලූම දෙනාට අවස්ථාව එනවා, මෙච්චර වෙලා ලැජ්ජාවෙන් මුහුණ වහන් හිටපු අයට දැන් ඔන්න එළියට එන්න පුලුවන් බුද්ධාගම බේරා ගන්න. මම දකින්නේ එහෙමයි.”

මෙවැනි ක්‍රියා තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය විය හැකිදැයි බීබීසීය කළ විමසීමට පිළිතුරු දෙන පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් කියා සිටියේ “ෂාෆි මව්වරුන් 4000ක් වඳ කිරීම කියන එක ඡන්දයෙන් පස්සේ ඉවර වුණානේ. ඒ නිසා මේකත් මම දකින්නේ එහෙමයි කියලා.”

No comments

Ads Place