Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැරපොතු වඩයට 80,000ක් දඩ..

  යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට ගිය පුද්ගලයෙකුට උදෑසන ආහාරය සඳහා දුන් වඩයක් තුල කැරපොත්තෙකු සිටීමෙන් ආපනශාලා හිමිකරුට රුපියල් 80,00...

 



යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට ගිය පුද්ගලයෙකුට උදෑසන ආහාරය සඳහා දුන් වඩයක් තුල කැරපොත්තෙකු සිටීමෙන් ආපනශාලා හිමිකරුට රුපියල් 80,000 ක දඩමුදලක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කොට ඇත.

පසුගියදා  අදාල ආපනශාලාවේදී උදෑසන ආහාරය ගැනීමට ගිය පුද්ගලයෙකුට ලැබුනු කෑම පිඟානේ තිබූ වඩයක කැරපොත්තෙකු සිටීමෙන් ඒ පිළිබඳ එම පුද්ගලයා විසින් ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට දැනුම් දුන්නේය.

අනතුරුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් පැමිණ වඩය ආපනශාලාව පරික්ෂා කිරීමෙන් පසුව ආපනශාලාවේ පිරිසිදුකමද නොමැති වීම හේතුවෙන් ඒ ආපනශාලා හිමියාට එරෙහිව ජනවාරී 06දා  නඩුවක් ගොනු කොට ආපනශාලාවටද එදින  සීල් තබන ලදි.

කෙසේ වෙතත් 17 වනදා අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී ආපනශාලා හිමියා විසින් වඩයේ කැරපොත්තෙකු සිටි බවටත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමන නොකල බවටත් පිළිගැනීම හේතුවෙන් යාපනය අධිකරණය මගින් දඩ නියම කරන ලදි.

මේ අනුව යාපනය මහෙස්ත්‍රාත් පී.ජස්ටින් මහතා එහිදී නියෝග කොට සිටියේ ආපනශාලාවට රුපියල් 60,000 ක මුදලක් සහ මුලුතැන්ගෙට රුපියල් 20,000 ක දඩයක් නියම කරන ලදි.

එමෙන්ම නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආපනශාලාව විවෘත කිරීමටද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කරන ලදි.

No comments

Ads Place